IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකාව ලකුණු 328කින් බංග්ලාදේශ පිල පරදවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව සිලාත්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක විශිෂ්ට ජයක් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24) ක්‍රීඩා අවසන් කරන විට ලකුණු 47කට කඩුලු 5ක් බිඳවැටී අසීරු තත්වයක සිටි බංග්ලාදේශ පිල අද දිවා විවේකයෙන් පසුව ලකුණු 182 කට සීමාවිය.

වේග පන්දු යවන කසුන් රාජිත දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 68 කද සියලු දෙනා දැවී 280

බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 188

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 110.4 කදී සියලු දෙනා දැවී 418

බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 182

(ශකීර් හසන් 19, මොමිනුල් හක් නොදැවී 87, මෙහෙදි හසන් මිරාෂ් 33, විශ්ව ප්‍රනාන්දු 36/3, කසුන් රාජිත 56/5, ළහිරු කුමාර 39/2)



අදහස් (3)

ශ්‍රී ලංකාව ලකුණු 328කින් බංග්ලාදේශ පිල පරදවයි

සාලිය​ Monday, 25 March 2024 02:14 PM

දැන් හිටපු ඇමැතියා ටයි, පරණ ක්‍රිකට් නායක තුමාටයි, ක්‍රීඩාවට ගරහන්න​, ක්‍රීඩකයින්ව මානසිකව වට්ටන්න බැහැ . තව දුරටත් ජයග්‍රාහී මානසිකත්වය රැක ගෙන ඉදිරියට යන්න​.

:       6       13

Saman Monday, 25 March 2024 06:06 PM

ඕස්ට්‍රේලියාවත් එක්ක ගහලා දිනුවා කියලා හිතිලා පුංචි මොලේට...!

:       2       4

Perera Monday, 25 March 2024 11:39 PM

බන්ගලිය්නට ගෙවන්න තියන ණ‍ය ඕකෙන් ටිකක් හරි අඩුකර ගන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site