(යොහාන් භාසුර)
ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් අද (25) යොමු කර තිබේ.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එක්ව ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවූ බවත් ‘බ්‍රික්ස්’ සන්ධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාව එම සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම පියවර ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කරගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
එම සංවිධානය ආරම්භයේදී ‘බ්‍රික්ස්’ සන්විධානය ලෙස හැදින්වුවද 2010 වසරේදී දකුණු අප්‍රිකාව සාමාජික රටක් බවට පත්වීමත් සමඟම එය ‘බ්‍රික්ස්’ සන්ධානය ලෙස හැදින්වූ බවත් එම සන්ධානය ජොහැන්ස්බර්ග්හිදී පසුගියදා පැවැත්වූ සමුළුවේදී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් හයට එම සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය දීමට තීරණය කර ඇති බවත් ගම්මන්පිල මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.
වර්තමාන ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් පහ සැළකීමේදී ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 27 ක් නියෝජනය කරන අතර නවතම වාර්තා අනුව ලෝක ජනගහනයෙන් සියයට 42 කට වඩා වැඩි ප්‍රතිශතයක් ද මෙම රටවල් සමූහය නියෝජනය කරන බව කියන උදය ගම්මන්පිල මහතා ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 27 කට වැඩි දායකත්වයක් ‘බ්‍රික්ස්’ රටවල් දරන බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි
Nimal Saturday, 26 August 2023 07:19 AM
මේ හවුලට බැඳෙන යෝජනා කරන්නේ එයිනුත් තව ණය ඉල්ලන්නද? මෙම හවුලට අයත් වන්නේ සීඝ්‍ර දියුණුවක් ලැබූ රාජ්‍යයන්ය. අපට ඒ අහලකින්වත් සිටිය නොහැකිය.
Anura Nanayakkara Saturday, 26 August 2023 08:19 AM
උදය ගම්මන්පිල මහතාට කතාකරන්න දෙයක් නැතිව බහුබූත දොඩවනවා. උදය පාර්ලිමේන්තුවට සුදුසු කෙනෙක් නෙවෙයි.
Champika Saturday, 26 August 2023 09:45 AM
බ්‍රික්ස් එකට මෙයාවගේ කෙනෙක් ගත්තොත් ඒකත් ඉවරයි...
wimal Saturday, 26 August 2023 12:39 PM
මේක ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනෑ දෙයක්... නැතිනම් කබලෙන් ලිපට. යුරෝපයේ සහ ඇමෙරිකාවේ අපනයනය කරන දේවල් නතර කළොත් රටේ මිනිස්සු කන්නේ අලද?