
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලයේ වාර්තාව අද (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය ඉදිරිපත් කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්කාර්යාලය පසුගිය මාර්තු මස ඉදිරිපත් කළ ලිඛිත යාවත්කලීන කිරීමේ සිට අද වනවිට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින බව මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත වාර්තාව ඉදිරිපත් කරමින් වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මාස ගණනක සිට ඉන්ධන, ආහාර, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් මෙම යථාර්ථයන් මිනිසුන්ගේ ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ වැඩ කිරීමේ අයිතීන් අඩාල කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් සැසියට