ලෝක ප්‍රකට මෝටර් රථ සන්නාමයක් වන Audi සහ ලිහිසි තෙල් සන්නාමයක් වන Castrol අතර අඛණ්ඩවම පවත්වාගෙන යන ගෝලීය ක්‍රමෝපායික සහයෝගීතාව ශ්‍රී ලාංකික වෙළඳපොළ සඳහාද එලෙසම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා Castrol ශ්‍රී ලංකා නියෝජිතAMW සමාගම සහ Audi ශ්‍රී ලංකා නියෝජිත Drive One පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුම් අලුත් කිරීම පසුගියදා නිල වශයෙන් සිදු කෙරිණි.
ජාත්‍යන්තර මෝටර රථ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැවැන්තම සන්නාම දෙකක් වනAudi සහ Castrol අතර මෙම ක්‍රමෝපායික සහයෝගීතාව 2008 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර සමාගම් දෙකෙහිම ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන ප්‍රයත්න හරහා Audi එන්ජින් තාක්ෂණයට පරිපූර්ණ වශයෙන් ගැළපෙන ලිහිසි තෙල් නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වී ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාදාමය හරහා ඉන්ධන කාර්යක්ෂමතාව විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකිවීම හා ඉන්ධන, එන්ජින් ඔයිල් ආදිය හරහා වන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට හැකි වීම සුවිශේෂී වේ.
ශ්‍රී ලංකාව තුළ Audi සහ Castrol සහයෝගීතාව පසුගිය වසර 14 ක කාලය පුරාවට අඛණ්ඩවම පැවතුණු අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට සිය රථය නිර්දේශිත ලිහිසි තෙල් පමණක් භාවිත කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නඩත්තු කිරීමට අවස්ථාව හිමි විය.
Castrol ලිහිසි තෙල් Audi සමාගම විසින් සිය මෝටර් රථ සඳහා හොඳම ලිහිසි තෙල් සන්නාමය ලෙසින් නිල වශයෙන් නිර්දේශ කර ඇති නිසා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට Audi - Castrol සහයෝගීතාව හරහා හිමිවන ප්‍රතිලාභ බොහෝමයකි. විශේෂයෙන්ම Castrol විසින් Audi මෝටර් රථ හිමියන් හට ප්‍රමුඛතාවය ලබා දෙන නිසා පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ ලිහිසි තෙල් තොග සීමිත තත්ත්වයක් ඇති වුවද එයින් ඔවුනට බලපෑමක් සිදු නොවනු ඇත.
එමෙන්ම මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස Audi මෝටර් රථ හිමියන්ට ඉහළම සේවාවක් සැපයීම සඳහා Castrol විසින් අති නවීන Lubricant Dispensing පද්ධතියක් වත්තල පිහිටි Drive One සේවා මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇත.
Castrol - Audi සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව AMW සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි, BP Castrol ලිහිසි තෙල් අංශයේ ප්‍රධානී චරිත් පණ්ඩිතරත්න ඇතුළු පිරිසක් සහDrive One සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ හිරාන් ද සිල්වා, අධ්‍යක්ෂ නිමන්ත හතරසිංහ යන මහත්වරු සහභාගි වූහ.
595
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්රී ලංකාව තුළ AMW - Castrol ක්‍රමෝපායික සහයෝගිතාව අඛණ්ඩව ඉදිරියට