IMG-LOGO

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ඇමරිකාවේ සහාය

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගතකරණය කිරීම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද  භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් (Janet Yellen) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසදීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව  ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහාය ලබාදීමට කටයුතු කරන බව ද භාණ්ඩාගාර ලේකම්වරිය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා සම්බන්ධීකරණ වේදිකාවක් සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිගන්නා එක්සත් ජනපද භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

එක්සත් ජනපදය සිය මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික කිරීම කඩිනම් කිරීම යන පොදු ඉලක්කය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමින්, පැරිස් සමාජයේ අනෙකුත් සාමාජිකයන් හා සම්බන්ධවීමට සූදනම් බවද දන්වා තිබෙි.

 එක්සත් ජනපද භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට ප්‍රතිඥා දී ඇත.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම, ගර්භනී කාන්තාවන් සහ මව්වරුන් සඳහා ආහාර වවුචර ලබාදීම, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් සඳහා පොහොර සහ මුදල් ලබාදෙමින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබා දී ඇති බවද භාණ්ඩාගාර ලේකම්වරිය තවදුරටත් දන්වා තිබේ.

විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පළ කර සිටී.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ඇමරිකාවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 440 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site