
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඉහළතම කොටස වන සියයට 28.1 ක් බස්නාහිර පළාතේ ජීවත්වන සිටින අතර අඩුම සංඛ්‍යාව වන සියයට 5.3 ක් උතුරු පළාතේ පදිංචිව සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින 2,433,685 දිස්ත්‍රික්කයක සිටින ඉහළතම පුද්ගලයන් සංඛ්‍යාව වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය 2,374,461 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජන හා නිවාස සංගණනයේ (2024) මූලික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙසේ හෙළිවූ බවත් එම සංගණනයේ මූලික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදුන් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 යි
බයි සිතිවිලි Monday, 07 April 2025 02:46 PM
බයියෝ ගණන අඩු කරපුවාම ගාණ දෙකෝටි කීයද?
ගුණරත්න Monday, 07 April 2025 04:31 PM
රිලවු කීයද?
බයි සිතිවිලිMonday, 07 April 2025 05:08 PM
රිලවුන්වත් බයි ගොඩටම දාන්නද කියන්නේ...?
Perera Monday, 07 April 2025 06:53 PM
මීට කලකට ඉහතදී 25න් කෝටියක් හිටියා නේද?
Angna Kouross Monday, 07 April 2025 08:20 PM
නෑ, ඊට වැඩියි. තිස්තුන් කෝටියක්.
වික්‍රම විදුර Monday, 07 April 2025 07:19 PM
ලෝක ජනගහණ ගණනය කිරීමේ අඩවියේ පෙන්වන්නේ 23,229,470 විදිහට.. වර්ධන වේගය 0.54%, ඒ කියන්නේ එයාලා 2012ට සාපේක්ෂව ඉදිරියට ගෙනියලා දත්ත ඉදිරිපත් කරලා ඇත්තේ. කොහොම හරි ලෝක ජනගහනයෙන් ලක්ෂ 15ක් ලංකාවේ ජනගහනය දවසින් මිසින් වෙනවා..