IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව කෝටි 1000ක් ණය වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ‍්‍රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 85 සිට 100 දක්වා පරාසයකට අයත් වන බවත් ශ‍්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය තිරසර මට්ටමකට ගෙන ඒම සඳහා චීනය,ඉන්දියාව,ජපානයට මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ටද ගෝලීය වත්කම් කළමනාකරුවන්ටද පාඩු විඳ දරා ගැනීමට සිදුවන බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දීර්ඝ කාලීන ණය පහසුකම ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමේ හැරවුම් ලක්ෂය විය හැකි වුවත් ඒ සඳහා ශ‍්‍රී ලංකාවට දිගු ගමනක් යා යුතුව තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගත යුතුවා මෙන්ම තරඟකාරී බලවතුන් වන චීනය, ඉන්දියාව සහ ජපානයෙන් ශ‍්‍රී ලංකාව ණය සහන ලබා ගත යුතු බව රොයිටර් පුවත් සේවය ප‍්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම යථාර්ථයක් වීමට නම් බොහෝ දේ සිදු කළ යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හොඳින් දන්නා බව රොයිටර් පුවත් සේවය පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජූලි මාසයේදී පලා යාමට බල කළ ජනතාව තවමත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගෙන නොමැති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

තිරසර නොවන බදු කප්පාදුවලින් රජය තම ආදායම් පදනම විනාශ කරගත් බවත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන අදායම අඩු වූ අවස්ථාවේ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සහ දැරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංචිත නැතිකර ගත් බවත් දැන් ශ‍්‍රී ලාංකිකයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් දරිද්‍රතාවයට මුහුණ දී ඇති බවත් ආර්ථික විද්‍යාඥ චාල්ස් රොබට්සන් මහතා ප‍්‍රකාශ කළේය.ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවුල් ජාලයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් හතරෙන් එකක් ප‍්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට නොහැකිව පීඩා විඳින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති ආකාරයට ශ‍්‍රී ලංකාවේ බාහිර ණය ලෙස සටහන් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 63 ක මුදලින් ඩොලර් බිලියන 7 ක මුදලක් ලබා දී ඇත්තේ චීනය බව රොයිටර් සේවය ප‍්‍රකාශ කළේය.ජපානය ණය ලෙස ඩොලර් බිලියන 3.5 ක මුදලක් ලබා දී ඇති බවත් ඉන්දියාව ණය ලෙස ඩොලර් බිලියන 1 මුදලක් ලබා දී ඇති බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

එසේම ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 50.5 ක් වූ දේශීය ණය පිළිබඳ ගන්නා තීරණය ද විශාල ගැටළුවක් බව රොයිටර් පුවත් සේවය පැවසුවේය.

ශ‍්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශ්වයන්ගේ සහතිකයක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ‍්‍රී ලංකාවට ගලා නොඑන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප‍්‍රධානි පීටර් බෘවර් මහතා ප‍්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

 



අදහස් (7)

ශ්‍රී ලංකාව කෝටි 1000ක් ණය වෙලා

Hafeel Wednesday, 07 September 2022 01:48 PM

එහෙමනම්, රනිල් දකින්නේ හීනයක්ද? මහලොකුවට කිව්ව නේද රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය තියෙනවා කියලා. එහෙම රනිල්ට පිළිගැනීමක් තියෙනවා නම්, මෙහෙම කොන්දේසි දාවිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් දන්නවා රනිල්ට ජනවරමක් නැහැ කියලා...

:       6       12

sugathWednesday, 07 September 2022 05:29 PM

ලංකාවේ මිනිස්සු හිතන්න පුරුදුවෙලා ඉන්නේ කව්රු හරි දන්නවා නම් තමන්ට වැඩක් කරගත හැකියයි කියායි. නමුත් ජාත්‍යන්තර ආයතන වෙනත් රටවල් සමග ගනුදෙණු කිරීමේදී, කෙනෙකුගේ දැන හැඳුනුම්කම් මත ක්‍රියා නොකරන බව සිහි තබාගත යුතුයි.

:       0       9

ganegoda Wednesday, 07 September 2022 02:04 PM

රටේ මන්ද පෝෂණය තිබුණට බෙන්ස්වලින් පෙළපාලි යනකොට එහෙම වෙනවා..!

:       1       12

Rexi Wednesday, 07 September 2022 03:49 PM

කොටි 1000 කියල ඩාල තියෙන්නෙ, රුපියල්?, ඩොල්ලර්ස්?, යෙන් ද?

:       0       4

fairoos Wednesday, 07 September 2022 06:58 PM

ජාතිවාදයෙන් රට කරන්න ආපු නන්දසේන සහ නඩය තමයි මේකට වගකියන්න ඕනේ... ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර වෙලත් තාම බයි ටෝක් දෙනඑක නම් නැවතිලා නැහැ...

:       0       1

waha;ldeepe Wednesday, 07 September 2022 10:25 PM

සීමිත හොරු රැලක් අසීමිත හොරා කෑමක් කාලා. ඒක පෙනි පෙනීත් ඔවුන්ට දඬුවම් දෙන්න නීතියක් නැති රටක්...

:       0       0

ද. කන්නන්ගර Thursday, 08 September 2022 04:17 PM

රටම ණය වුණත් කමක් නැහැ. රාජපක්ෂ පවුලේ හැමදෙනාම සතුටින් නම් අපට ඒ ඇති.. අපි විඳ දරා ගන්නම්.. ඔබේ සැප අපෙ සතුටයි.! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 383 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site