IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය අමතක කළ යුතුයි’’

(යොහාන් භාසුර, පූනේ ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යන කරුණ අමතක කර අපේ මාදිලියේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවත් අවසන් පූර්ව වටය සිතේ තබාගෙන පීඩනය ආරෝපණය කර නොගත යුතු බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා  මුරලිදරන් මහතා පූනේහිදී පැවසීය.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින කණ්ඩායම් ඉහළ ශුද්ධ  ලකුණු වේගයක් පවත්වා ගෙන සිටීම නිසා ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පැමිණීමට නම් ඉතිරි තරග හතරම ජය ලැබිය යුතු බව කී මුරලිදරන් මහතා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව කළ යුත්තේ මේ මොහොතේ තරගයෙන් තරඟය සැලසුම්කර ක්‍රීඩා කිරීම බව ද සඳහන් කළේය.

ලෝක ශූර කණ්ඩායමක් දිනකින් දෙකකින් නිර්මාණය කළ නොහැකි අතර ඒ සඳහා වසර පහක් හයක් වැනි දිගු කාලයක් ගත වන බවත් කී මුරලිදරන් මහතා සඳහන් කළේ ක්‍රීඩකයන්ට දියුණු වීමට කාලය දීම අනිවාර්ය සාධකයක් බවත්ය.

ක්‍රීඩකයෙක් අසාර්ථක වූ පමණින් ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීම නොකළ යුතු බවත් මහේල ජයවර්ධන 2003 ලෝක කුසලාන තරඟාවලියේදී අසාර්ථක වූ පසු එසේ ඉවත් කළේ නම් අද ශ්‍රී ලංකාවට මහේල වැනි දැවැන්තයෙකු බිහි නොවන බව ද ඒ මහතා කීය.

ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු පසුගිය ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුවද මෙවර තරගාවලියට නොමැති බව ද කී මුරලිදරන්  මහතා 88 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ 96 වන විට කාලයත් සමග ප්‍රබල ක්‍රිඩකයන් බවට පත්ව සිටි බවද සඳහන් කළේය.

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සමගාමීව අන්තර්ජාතික ක්‍රිකට් සභාව, යුනිසෙෆ් ආයතනය සමග එක්ව දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂ  වැඩසටහනේ නියෝජිතයක් වන  ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ සංචාරයකට සහභාගි වීමෙන් එසේ පැවසීය. 



අදහස් (6)

’’ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය අමතක කළ යුතුයි’’

saman Monday, 30 October 2023 12:30 PM

මේ මහත්තයා ඔය ඕක කියනකන් තමයි හිටියේ... ඕක පුළුවන් නම් ඉන්දියාවට කියලා බලන්නකෝ... ඔයා රටට ගිහින් ඉවරයි. ඒ වගේ වාතාවරණයක් ලංකාවේදී හදාගන්න එපා මහත්තයෝ...!

:       39       7

AmithaMonday, 30 October 2023 01:31 PM

‍යකෝ අපිට වඩා දන්න එකෙක් මොකක් හරි කිඋවහම අහන්ඩ පුරුදු වෙයල්ල.

:       2       32

randil dunuwille Monday, 30 October 2023 01:41 PM

අපි කොහොමත් දන්නව එන්නෙ නැහැ කියල ඔකට ෆොම් වෙන්න ඔන නැහැ එක තමයි ඇත්ත.

:       7       8

Heena Tuesday, 31 October 2023 12:41 AM

හරි අපි එහම් කරලවත් බලමු... තැන්ක්ස්.

:       0       0

Asoka dep Tuesday, 31 October 2023 08:37 AM

ඔබ කියන කතාව හරියටම හරි මුරලි ...

:       0       0

තෙවන විනිසුරු Saturday, 04 November 2023 02:26 PM

ගරු ආදරණීය ගාමිණි දිසානායක මැතිතුමා, ආණා පුංචි හේවා තුමා, නුස්කි මොහොමඩ් මැතිතුමා ආදීකොට ඇත්තාවූ පතාකයො නිතතින්ම සිහි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site