(යොහාන් භාසුර, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.16 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 358 ක් රැස් කළ යුතුය.
සුපිරි පිතිකරු ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ඉනිම ලකුණු 4 කට ඩිල්ෂාන් මධුසංඛ සීමා කිරීමෙන් පසු ෂුබ්මන් ගිල් (92) සහ විරාට් කෝලි (88) දෙවැනි කඩුල්ලට 189 ක සම්බන්ධතාව පැවැත්වූහ.
ගිල් සහ කෝලි ලකුණු 10 ක් රැස් කිරීමට පෙර දවා ගැනීමට තිබූ අවස්ථා දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩපන්දු ගිලිහී යාමෙන් මග හැරුණි.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 80 කට කඩුලු 5ක් දවා ගනිමින් සිය එක්දින දිවියේ ඉහළතම පන්දු යැවීමේ දක්ෂතාව වාර්තා කළේය.
ඉන්දීය පිල ඕවර 50 දී කඩුලු 8 ක් දැවී 357
(ෂුබ්මන් ගිල් 92, විරාට් කෝලි 88, කේ. එල්. රාහුල් 21, ශියාස් අයිර් 82, රවීන්ද්‍ර ජඩේජා 35, ඩිල්ෂාන් මධුසංඛ 80/5)
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවට ලකුණු 358 ක ඉලක්කයක්
බද්රානි Thursday, 02 November 2023 08:12 PM
අපිට ණයට සල්ලිත් දුන්නු නිසා ඉන්දියාවට ජයවේවා...! අනික ඉතින් ඉන්දියාව අපේ ලොකු අයියනේ...!
මැක්ස් Thursday, 02 November 2023 08:12 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කාරයින්ට සිදු වූයේද අරගල රැලට සිදු වූ දේමයි. අවසානයේ තමන් හිටියාටත් වැඩි පහලට වැටීමයි. නීතිය යනු තමන් යයි සිතූ අරගල ගොබ්බයිනි, මේ තොප විසින් ඇතිකළ අරාජිකත්වයේ තවත් අතුරු ප්‍රතිඵලයකි...!
Perera Thursday, 02 November 2023 11:39 PM
පුදුමයි, ලංකාව ක්‍රිකට් ගහනවා බලන්න, ප්‍රේක්ෂකයෝ ඉතුරුවෙලා ඉන්න එක...