
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන්තොටුපොළ සිට සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 එයාර් බස් ගුවන් යානය , ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනකු රැගෙන සිංගප්පූරුව බලා අද අලුයම පිටත්ව ඇති අතර ඉන්දුනීසියා ගුවන් සීමාවේදී මෙසේ කාර්මික දෝශයකට ලක් වී තිබේ.
එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් මෙම ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීම සදහා විමසීමක් සිදු කර තිබූ අතර , එහිදී මේ සදහා විශාල කාළයක් වැය වන බව පවසා , මෙම අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ .
ඉන් අනතුරුව මෙම ගුවන් යානයෙන් මගීන් බස්සවා , මෙම ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .
එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක් , මෙඩාන් ගුවන් තොටුපොළ වෙත යොමු කර මෙම මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට , එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .
මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර , මෙම ගුවන් මගීන් පිරිස , මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ
අසංක Friday, 06 June 2025 02:08 PM
එම රටේ තානාපති කැඳවා සහයෝගය නොදැක්වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන්න බැරිද?
Hemantha Friday, 06 June 2025 02:35 PM
අර කොළඹ කැරකුණු එකද දන්නේ නෑ.
raahul Friday, 06 June 2025 02:38 PM
අවුරුදු 14 ක් පරණ එයාර් බස් එකක් ගෙනත් හරියට බ්‍රෑන්ඩ් නිව් A 380 එකක් ගෙනාව වගේ ෂෝ දැම්මේ මේ ගුවන් සේවයම නේද?
පිටරටවැසියා Friday, 06 June 2025 03:28 PM
නලීන් බණ්ඩාරට කිව්වනං කාර්මික දෝසෙ මොකක්ද කියලා ටක්කෙටම කියයි...පුතාණෝට කිව්වනං, ඉන්දුනීසියාවට ඉංගිරිසියෙන් කතාකරල ඔක්කොම ප්‍රශ්ණ ටික විසඳලා, අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරලා දෙනවා.
Lalla Friday, 06 June 2025 03:55 PM
කොහෙවත් ඉන්න මිනිස්සුන්ට අපහාස කරල ප්‍රශ්න වලට විසඳුම හොයන අය කොයි පක්ෂයෙත් ඉන්න එක ඇත්ත නේද
Gayan Friday, 06 June 2025 03:42 PM
පුදුමයි... ලෑන්ඩ් කරන්න අවසර දුන්නා... නැතිනම් බලෙන්ම බෑවාද දන්නේ නෑ.
SIRI Friday, 06 June 2025 04:51 PM
නලින් බණ්ඩාර මහත්තයෝ. ඒකෙත් වයිපර් කැඩිලාද? පොඩ්ඩක් හොයලා බලන්නකෝ...!