
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.
රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.
“වෙනසක් සඳහා නායකත්වය"යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.
10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි.
ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.



2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු
Rawana Wednesday, 21 February 2024 05:13 PM
ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන්නේ අති දක්ෂ නායකයෙක්, ඒ බව එතුමා වැටී තිබ්බ රට ඉතා කෙටි කලකින් ගොඩදාලා ඔප්පු කර තියෙනවා... මම ඇත්තටම කණගාටු වෙනවා. මෙතුමා වෙනුවෙන් මීට පෙර එක ඡන්දයක්වත් ලබා නොදුන් එක ගැන... මීට කලින් මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණා නම් අද ලංකාව ඉන්න තැන හිතා ගන්නවත් බැරිවෙයි...
NimeshWednesday, 21 February 2024 06:36 PM
අනේ? මිනිසුන්ගේ සාක්කු වල තිබ්බ සල්ලි ටික බලෙන්ම උදුරලා අරන් මහ බැංකුව පුරවන එකයි, තව තවත් ණය ගන්න එකයි, සල්ලි අච්චු ගහන එකයි ආර්ථික ප්‍රශ්න විසඳීමක් වගේ පේනවා නම් ඔහේගේ ඔලුවේ පොඩි ප්‍රහ්නයක් තිබෙනවා...
Akila Wednesday, 21 February 2024 06:38 PM
පිනාට දැන් යන්න පුළුවන් යමක් කමක් නොත්රෙන පොඩිඅය අතරට විතරයි...
Lal Wednesday, 21 February 2024 07:14 PM
ජනාධිපති තුමන් උදාකළ මේ රටේ ස්ථාවරත්වය සංවර්ධනය.. කිසිදිනක අමතක නොකරමු... රනිල් මැතිතුමා නැවතත් රටේ ජනාධිපති වේවා...!
Lelwala Thursday, 22 February 2024 11:44 AM
ඔහු හොඳ අධ්‍යාපනයක් හා හොඳ අත්දැකීම් ඇති පුද්ගලයෙකි. ඔහුට ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකිය. රට සංවර්ධනය කළ හැකි එකම පුද්ගලයා ඔහු පමණයි.