IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි

 

(රංජිත් රාජපක්ෂ ශ්‍රී පාද උඩ මළුවවේ සිට)

ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාද උඩමළුවේ පැවති විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අද (11) උදෑසන ඇරැඹිණි.

ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පුජා භාණ්ඩ අද (11) අලුයම මාර්ග හතරක් ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරනු ලැබූහ.

පැල්මඩුල්ල,රත්නපුර,අවිස්සාවේල්ල,යටියන්තොට,හැටන්,මස්කෙළිය,නල්ලතන්නිය දක්වා එක් පෙරහරක් ද පැල්මඩුල්ල , රත්නපුර , ශ්‍රී පලාබද්දල , රජමාවත ඔස්සේ තවත් පෙරහරක් ද, රත්නපුර, කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ තවත් පෙරහරක් ද, පැල්මඩුල්ල , බලංගොඩ , බගවන්තලාව හරහා නල්ලතන්නිය දක්වා තවත් පෙරහරකින් මෙම ප්‍රතිමාව ඇතුළු පුජා භාණ්ඩ වැඩ කරනු ලැබුහ.

ශ්‍රී පාදස්ථානය පුජා නගරයක් බවට ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි.

වන්දනා වාරය ආරම්භ කිරිමත් සමඟ උඩමළුවේ තැන්පත් කර තිබූ තායිලන්තයේ සිට මෙරටට වැඩ කරනු ලැබු බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරිම ද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් සිදුකරනු ලැබූහ.

සිල් සමාදන් වීමට සහ ශ්‍රී පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ  දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවෝ උඩමළුවට පැමිණෙමින් සිටිති.

වන්දනාවේ පැමිණිමේදී පරිසරය රැක ගනිමින් ශ්‍රී පාදය කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රි පාද උඩ මළුව විවිධ මල් වලින් සරසා ඇති අතර උඩමළුව කේන්ද්‍ර කර ගනිමින් විවිධ පිංකම් රැසක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍යය සියලු පහසුකම් සලසා ඇති අතර ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

 



අදහස් (0)

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 474 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site