IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ශ්‍රවණ ආබාධිතයන්ට රිය ධාවනයට වරම්

( තිලකරත්න දිසානායක)

දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ විණි.

ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය මගින් 1998 වසරේ සිට කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මගපෙන්වීම යටතේ මෙලෙස බලපත් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති බව මෙහිදී ප්‍රකාශ විය.

රියදුරු බලපත් ලබා ගැනීම පිණිස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ලිඛිත විභාගයට පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත තැනැත්තන් 76 දෙනකු අතුරින් විභාගය සමත් වූ 44 දෙනකු සඳහා පුහුණුවීමේ තාවකාලික බලපත් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර මාස තුනක පුහුණුවකින් පසු ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව සමත්වන්නන්ට ස්ථිර බලපත් ලබාදීමට නියමිතය.

 

 



අදහස් (3)

ශ්‍රවණ ආබාධිතයන්ට රිය ධාවනයට වරම්

Udara Wednesday, 16 November 2022 04:14 PM

ඉතා හොඳ වැඩක්

:       1       22

Perera Wednesday, 16 November 2022 10:25 PM

දෘශ්‍ය ආභාදිත අයටත් දෙන්න අදහසක් තියනවද?

:       0       0

Lakshika alwis Wednesday, 16 November 2022 10:38 PM

බිහිරි අය සඳහා වෙළඳපොලේ සවුන්ඩ් ඉන්ඩිකේටර් cct ඇත, කවුරුහරි හෝන් එකක් ගැහුවොත්, ඩෑෂ්බෝර්ඩ් එකේ බ්ලින්ක් ලයිට් ඔප්ෂන් එකක් තියෙනවා, ඒකට ශබ්ද ප්‍රබලතාවය අඳුනාගන්න පුළුවන්, උදා: දිගු දුරක් සඳහා එක් ආලෝකයක් , ළඟ ශබ්ද සඳහා ෆුල් ලයිට් , පසුපස වීදුරුවේ සහ ඩෑෂ් බෝර්ඩ් හි දුම්රිය නළා සහ බර වාහන නළා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 196 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 60 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site