ශ්රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම ධුරයේ රාජකාරී ඇරඹීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක් වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය.
දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ඉෂාන් සංජිව




 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රීලනිප නව මහලේකම් වැඩ අරඹයි
daham Thursday, 10 January 2019 07:51 AM
ගිලෙන නැවට තවත් මුක්කුවක්
Jaya Thursday, 10 January 2019 08:17 AM
මෙයා ආයිත් එජාපෙට කරණමක් ගහපු ගමන් මේ මහලේකම් කමත් ඉවරයි.
සනත් ඉතාලිය Thursday, 10 January 2019 02:27 PM
ඊළඟ ජනාධිපතිවරණේ පොදු අපේක්ෂකයා වෙයිද දන්නේ නැහැ. මතකනේ 2015 මේ පක්ෂේ මහලේකම්... ඔය ඉන්නේ... දකුණු පැත්තෙන් ඉඳලා පැනපු කෙනා වම් පැත්තෙන් ඉන්නේ... කොහොමද පළවෙනි ෆොටෝ එක
nihal Thursday, 10 January 2019 06:01 PM
මෝඩ චූන් මුහුණු ඇත ....රට පෙරට කිසිත් මුහුණු නැත ...මෙතන
Prof. Dr. Edward Perera Thursday, 10 January 2019 09:04 PM
මෙතැනදී අපට වැදගත් වන්නේ පුද්ගලයා නොව තනතුර හා පක්ෂයේ ප්‍රතිපත්තියි. පුද්ගලයාට ඕනේ විදියට පක්ෂය හදන්න ගියහොත් පක්ෂයත් විනාශ වෙලා පුද්ගලයත් විනාශ වෙනවා. ඒ නිසා පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරමින් පක්ෂය වත්මන් අර්බුදයෙන් ගොඩ ගැනීමේ උපාය මාර්ග දියුණු කර ගැනීමට නව ලේකම්වරයා දක්ෂ වුවහොත් පක්ෂයත් ගොඩ... ජනතාවත් ගොඩ.
gunarathna Friday, 11 January 2019 01:51 AM
මේවට තමා මෝඩ චූන් කියන්නේ... මහින්ද කෙනෙක් දැම්මොත් මෛත්‍රීට වෙන්නේ ඒ පුද්ගලයාට විරුද්ධව ඡන්දෙ මෙහෙයවන්ට. එහෙම වුනොත් මෛත්‍රීට මහින්දත් නැතිවෙනවා. ජනාධිපතිකමත් නැති වෙනවා. මේ දුමින්ද කියන පුද්ගලයාගේ මහින්ද එක්ක තියෙන පුද්ගලික කෝන්තරය නිසා වෙන්නේ මෛත්‍රී අමාරුවේ වැටෙන එකයි.