(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂ රැසක් සමඟ එක්ව ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ‘පහන’ ලකුණ යටතේ මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සාකච්ඡා කර ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ රැසකින් යුත් විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ මෙන්ම තවත් කණ්ඩායම් රැසක් හා එක්ව ‘ජනතා නිදහස් සන්ධානය’ යටතේ තරඟ කරන බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උතුරු, නැගෙනහිර පළාත් සඳහා අත ලකුණ යටතේ වෙනම තරඟ කිරීමට නියමිත බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනීපය ඇතුළු පක්ෂ පහනින් පුංචි ඡන්දයට එයි
AB Sunday, 08 January 2023 08:43 PM
පහන අලුත් වුවද "පහන වටා සිටගන්නේ" දශක 5ක් දේශපාලනයේ සිටි අසමත් කණ්ඩායම නම් රටට සහ පුරවැසියන්ට ආලෝකයක් ලැබේවිද?
Perera Sunday, 08 January 2023 09:33 PM
මොන හේවකට හරි චන්දෙ තිබ්බොත් ඔය ඉල්ලන අපතයො එකෙකුටවත් චන්දයක් නම් දෙන්න එපා.
Kumara Monday, 09 January 2023 12:55 AM
එන්නකෝ... මුකුත් නොදන්න සාන්තුවරයෝ වගේ...!
Mr Don Monday, 09 January 2023 09:11 AM
විරවංශ ගේ පක්ෂය පඩික්කම ලකුණින් තරඟ කරයි.
sharm warn Monday, 09 January 2023 01:38 PM
පහන නිවාගෙන ගණන් බලන්නකෝ