IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගත්තේය.

ශ්‍රී ලංකන්හි වාණිජ මෙහෙයුම් ක්‍රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයන්ට සේවා සැපයෙන අතර MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන නැරැඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. එහිදී MICE සංචාරකයන්ට අවශ්‍ය සියලුම මූලික සේවා එනම්, ගුවන් ගමන් පහසුකම්, හෝටල් නවාතැන්, මගී අන්තර්මාරු සේවා, රට තුළ අභ්‍යන්තර චාරිකා ආදී බොහෝ සේවා ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුය.

ව්‍යවසායකයන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ලොව එකම සුහද ව්‍යවසාය ජාලය වන ව්‍යවසායක සංවිධානයේ නේපාල ශාඛාව තුළ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් ව්‍යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. ඔවුහු ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහි පළමු කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණි අතර Reliance Group Nepal; City Tech; Khangri Sourcing; Mercantile Group; ARKS Capital Advisors; සහ Siddhartha Group වැනි නේපාලයේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීහු, උප සභාපතිවරු, අධ්‍යක්ෂවරු සහ ප්‍රාග්ධන උපදේශකයෝ ඒ අතර වූහ.

නේපාලයේ ව්‍යවසායක සංවිධානය මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ MICE සේවා අපේක්ෂා කිරීමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් සේවයේ පළපුරුද්ද සහ ගමනාන්ත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවැසි සම්පූර්ණ පරාසයක සේවා සැපයීමට ගුවන් සේවය සතු හැකියාවය. කොළඹ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සතියකට ඍජු ගුවන් ගමන් වාර පහක් සපයන එකම ගුවන් සමාගමද ශ්‍රී ලංකන් වේ.

මීට අමතරව, ගුවන් සමාගමකට පමණක් ලබාදිය හැකි ප්‍රතිලාභ වශයෙන් සැලකිය හැකි විශේෂ ගුවන් ගමන් ගාස්තු, පිටත්වීමේ ගුවන් තොටුපළේ විශේෂිත කවුන්ටරයක් ඇතුළු ගුවන් තොටුපළ පහසුකම් සැපයීම, කණ්ඩායම් වශයෙන් Check-in සේවා සැපයීම, ආසන විකල්ප සහ ගුවන් යානයට පිවිසීමේදී විශේෂ පිළිගැනීමක් ලබාදීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ ඔවුන්ට ලබාදීමට ද ශ්‍රී ලංකන් පියවර ගත්තේය. දේශීය සංචාරක වෙළෙඳ හවුල්කරුවන් සමඟ එක්ව, නේපාල ව්‍යවසාය සංවිධානයේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා එම ගුවන් ගමන්වලදී ශ්‍රී ලංකන් තම සියලු අන්තර්මාරු නැවතුම් ඉවත් කිරීමටද කටයුතු කළේය.

595



අදහස් (0)

ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site