IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ශානිගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ )

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද 18 ගොනු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කිරීම වළකාලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ද අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂනී හේවාපතිරණ සහ එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ද සිල්වා ඇතුළු 14 දෙනෙකි.

කොළඹ 8 ඇල්විටිගල මහල් නිවාසයේ පදිංචි පෙත්සම්කරු දෙදරු පියෙකු වන අතර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා වන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය, රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් විමර්ශනය කර ඇති පෙත්සම්කරු, ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් පොලිස් නිලධාරියෙකු වන බවත්, 2019 වසරේ සිට තමන්ට එරෙහිව අසාධාරණ අයුතු සහගත ක්‍රියාවලට භාජනය වී ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

තමා සේවය කරමින් සිටියදී එනම් 2019 වසරේ නොවැම්බර් මස 21 වැනි දින කිසිදු හේතුවක් නොමැතිව ගාල්ල පොලිස් අධිකාරිවරයා ගේ  පෞද්ගලික සහකාරවරයා ලෙසට තමන් ස්ථාන මාරු කර යැවූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙහි සඳහන් කර ඇත.

තමන් සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි මස 10 වන දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බී වාර්තාවක් මගින් කරුණු ගොනුකර ඇති බවත්, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම, මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් නොකිරීම ඇතුළු චෝදනා ගණනාවක් එම බී වාර්තාවේ සඳහන්ව ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

තමන් සම්බන්ධයෙන් නිර්නාමික පෙත්සමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, එම පෙත්සම පිළිබඳව කටයුතු කිරීමට පළවෙනි, දෙවනි සහ තුන්වන වගඋත්තරකරුවන්ගෙන්  සමන්විත කමිටුවක් පත්කර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙහි සඳහන් කර ඇත.

මෙම වගඋත්තරකරුවෝ තමන් සමග අමනාපයෙන් පසුවන අතර, පළමුවන වගඋත්තරකරු වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධියේ වරදකරු වූ එමිල් රංජන් ළමාහේවා යන අයගේ සොහොයුරා වන බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කලේ ද තමන් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙහි දක්වා තිබේ.

අනෙක් වගඋත්තරකරුවන් දෙදෙනාට එරෙහිව ද තමන් පොලිස් සේවයෙන් සිටියදී විනය පියවර ගෙන ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ කුමන  මොහොතක හෝ වගඋත්තර කරුවන් විසින් තමන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගනු ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙ සඳහන් කර ඇත.

මෙවන් තත්ත්වයක් තුළ තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීම සිදුවී ඇති අතර මෙම පෙත්සම විභාගයට ගැනීම අවසර ලබා දෙන ලෙසත් , මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම විභාග වී අවසන් වනතුරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන වාර්තාව පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම වළකන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (4)

ශානිගෙන් පෙත්සමක්

De Friday, 18 February 2022 03:53 PM

බය වෙන්න එපා, පාස්කු ප්‍රහාරය කළේ ‘‘සහරාන්‘‘ කියලා ඔප්පු වෙලා ඉවරයි. ඔයා වැරැදිකරු නොවෙයි...!

:       14       10

sharm warn Friday, 18 February 2022 04:11 PM

ශානි මහත්මයා.. ඔබට අනතුරක් කරන්න එයාලාට බැහැ. එයාලා ඔබට කරපු අපරාධයට ඉක්මණටම කයි.. අපිත් තව ටික කාලයක් හරි ජීවත් වෙලා ඉඳියිනේ...

:       35       22

දාස Friday, 18 February 2022 04:28 PM

හැමදාමත් හැමවිටකත් මේ වගේ අවංක මිනිසුන්ට වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ලැබෙන්නේ නෑ. ස්වභාව ධර්මය එයට එරෙහිව නැගිටිනවා. එම දිනය වැඩි ඈතක නැහැ...

:       40       21

KeshanSaturday, 19 February 2022 12:59 AM

මෙයාගේ අවංකකම දැක්කා.. රංජන්ට වළං හෝදපු එකේ මැඩම්ට රෙදි නැතුව කඩේ ගිය හැටි දැකලා. ස්විස් නාටකයේත් රාජකීය චරිතයක් මෙයා.. මේ අය තමයි රනිල් එක්ක කලින් ආණ්ඩුව කෑවේ. ජනතා ප්‍රසාදය නැත්තටම නැති කළා. එජාපය දියකළා. සාපවෙන්න ඕනෑ මේ වගේ අයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site