IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා

(සිරංගිකා ලොකුකරවිට)

විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.

මෙලෙස මාපලගම මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි සැපයුම් ලබාදෙන සීමාසහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම (LECO) විසිනි.

විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේ දී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි.

රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා

 රුපියල් 6650.00ක මුදලක් ගෙවා ඉතිරි වූ රුපියල් 0.18 ගෙවා නැත. ඔහු මෙම ගෙවීම සිදුකර ඇත්තේ 2023-12-19 වැනි දින දී ය.

නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දී සීමා සහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම විසින් නිවසේ විදුලිය විසන්ධි කර දමා ගොස් තිබූ බව මාපලගම මහතා අප සමඟ කීවේය.

ඔහු පැය ගණනකට පසු නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231.00 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල රුපියල් 0.18ක් ගෙවිය යුතු බව ද සඳහන් කර තිබූ බවත් පවසයි.

මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට ඔහුට පැහැදිළි පිළිතුරක් ලැබී නැත.

 එහි සිටි නිලධාරිනියක් පවසා ඇත්තේ විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කිසිම වගකිව යුතු අයකු කාර්යාලයේ නොමැති බවයි. මේ නිසා එම ස්ථානයේ දී තමන්ට අවේගශීලීව කතා කිරීමට සිදු වූ බව ද වගකිව යුතු අයගේ දුරකථන අංකයක් පවා ලබානොදුන් බව මාපලගම මහතා පවසයි.

ඔහු මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව තම කාර්යාලයට ගිය පසු ලෙකෝ සමාගමේ නිලධාරිනියක දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඇතුළු නිලධාරීන්ගෙන් බරපතල වරදක් සිදුව ඇති බවයි.

දැනට පරිගණක ගත කරන ලද ක්‍රමය අනුව විදුලි බිලෙහි ශතයක් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළුවන බවත් එය පරීක්ෂා කර රුපියල් 10,000.00ට වඩා ඇති බිල් පමණක් විසන්ධිකරන බවත් ඇය පවසා තිබේ. මෙම බිල්පතෙහි ශත 18ක් අඩුවෙන් ගෙවා ඇති බැවින් විදුලි විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළත්ව තිබී ඇති නමුත් එය ඉවත්කිරීමට අතපසු වී ඇති බව ද ඇය පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අප ලෙකෝ ආයතනයෙන් විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදින ම නැවත විදුලි සම්බන්ධතාව ලබාදුන් බව ද ඇය පැවසුවාය.

 



අදහස් (8)

ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා

පැරකුම් Tuesday, 30 January 2024 04:13 AM

ශත 18 ට ලයිට් කපනව දේශපාලුවො ලක්ෂ ගණන් පොලු තියනව කිසි කතාවක් නෑ. ආසියවේ ආශ්චර්යය…!

:       0       1

chandima Tuesday, 30 January 2024 05:47 AM

බිල් පෙන්නුවට වැඩක් නැහැ .සත දහඅටත් සල්ලි තමයි .අන්න එහෙම නීතිය අකුරට ක්‍රියා නොකර රට හදන්න බැහැ .ඇස් ලොකු කරලා බිල දිහා බලලා ගිහින් ගෙවලා දාන්න .ලෝකේ කොයි රටෙත් එහෙමයි

:       1       0

Bamunuarachchi Tuesday, 30 January 2024 06:32 AM

වැරදීමක් උනා කියලා පිළිගත්තා නේද?

:       0       2

Rambukwella Tuesday, 30 January 2024 12:07 PM

එහෙම තමයි අවංක සේවකයන්

:       0       2

Ananda Tuesday, 30 January 2024 12:25 PM

ඒ අතින් විදුලි බිල් නොගෙවා ඉන්න මැති ඇමතිලා ගොඩ

:       0       1

කමල් Tuesday, 30 January 2024 01:09 PM

තොපිට ලැබිල තියන අන්තිම අවස්තාව එන ජනාධිපතිවරණයයි.හදවතින් නැතුව මොලේ කල්පනා කරලා චන්දෙ දීපල්ලා .එහෙම නැතුව මේ පාරත් අන්ධ ලෙස වැඩ කරලා වැඩේ අනාගත්තොත් වැඩ වර්ජන ,උද්ඝෝෂණ ,පෙළපාලි තියන්නයි ,අරවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා හමිනෙන්න හදන්නත් එපා.

:       1       2

Bamunuarachchi Tuesday, 30 January 2024 10:14 PM

මොලේ කචල් වගේ...!

:       0       0

Rata Perata Tuesday, 30 January 2024 01:11 PM

හොර පෙරකදෝරුවකුගේ ලක්ෂ 26 ක බිල ගෙවනකම් අවුරුදු 3 ක් ඉවසපු කාලකන්නි සේවකයන්ට ,මේ මනුස්සයාගේ සත 18 ගෙවනකම් ඉන්න බෑ .පුදුම අපතයෝ ඉන්න රටක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site