IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි

(අංජුල මහික වීරරත්න)

ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

නව පුනරුද යුගයකට ගමන් කරමින් සිටින අවස්ථාවක  මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ඉදිරි සංවර්ධන, සැලැස්ම, දැක්ම පිළිබඳ පැහැදිලි  අවබෝධයක් මේ වන විට වෛද්‍ය පරිපාලකයින්ට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද  ඇති බවත් එය ක්‍රියාවට නැංවීම සදහා  සියලු දෙනා කැපවී කටයුතු කරනු ඇතැයි තමා  බලාපොරොත්තුව බවත් අමාත්‍යවරයා කීය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 2025 වර්ෂය සදහා නව සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතන ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 32වන සභාපතිවරයා වන වි‌ශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාට හිටපු සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා විසින් සභාපති විශේෂ පළඳනාව මෙහි දී පිළිගැන්වීය.



අදහස් (0)

’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site