
(අංජුල මහික වීරරත්න)
රටට හිතකර තරඟකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමිනි.
ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබු අතර ඍජු විදේශ ආයෝජන සහ අපනයන කාර්ය සාධනය සඳහා සිදු කර ඇති දායකත්වය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් වෙත සම්මාන 30 ක් පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර දිගුකාලයක් පුරා ක්‍රියාකාරිව පැවැති සමාගම් සඳහා ද විශේෂ ඇගයීමක් සිදු කෙරිණ.
මීට අමතරව, පුද්ගල මට්ටමින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය මත පදනම් වූ නව සම්මාන කාණ්ඩයක් යටතේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඕමාර්, මාස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ සෙයිල් ලංකා යාත්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති පියරේ ප්‍රින්ජර්ස් යන මහත්වරුන් වෙත සම්මාන ත්‍රිත්වයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශක්තිමත් ආර්ථිකයකට තරඟකාරී ආයෝජන ගේනවා
chandima Thursday, 04 April 2024 04:03 AM
කොහිලනුව සහැතිකෙට වැහිලා නේද ?