(අංජුල මහික වීරරත්න)
වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ තබන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට නියෝග කළේය.
අත්පිට මුදලටම වී මිල දී ගැනීමට පියවර ගන්නා ලෙසත් කිසිම හේතුවක් නිසා ගොවීන් රස්තියාදු නොකරන ලෙසත් අමාත්‍යවරයා කීය.
යල කන්නයේ වී මිල දී ගැනීම් කටයුතු අද (17) සිට ඇරඹීමට වී අලෙවි මණ්ඩලය මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.
වී මිල දී ගැනීමේ දී මතුවිය හැකි සියලු අඩුපාඩු අද දිනයේම අවසන් කර ගන්නැයි ද හෙට (18) සිට වී අලෙවි මණ්ඩලයේ සියලුම ප්‍රාදේශීය කාර්යාල මගින් කිසිදු අඩුපාඩුවකින් තොරව මිල දී ගැනීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
වී මිල දී ගැනීමට අදාල තෙත මැනිමේ උපකරණ, කිරුම් උපකරණ යනාදී උපකරණ සියල්ලම කඩිනමින් සකස් කර ගන්නා ලෙස ද වී අලෙවි මණ්ඩලය සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රාදේශීය කාර්යාල 07ක් තිබෙන අතර ඒ යටතේ වී ගබඩා 310ක් පවතී.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී මිලදී ගැනීම ගැන චෝදනා නැගෙන්න ඉඩ තබනු එපා