IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වී මිලදී ගැනීමේ ගැටලුව ගැන ඉහළ තැන් දෙකකට කියන්න යයි

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් නොමැති වීමේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයට සහ ජීවන වියදම් කමිටුව කමිටුවට ඉදිරිපත් කොට විසඳුමකට එළඹීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ද ඉකුත් 7වැනිදා අනාවරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව හෙට (12) රැස්වීමට නියමිතව ඇත.

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී  මෙන්ම ජීවන වියදම් කමිටුවේ දී යම් එකඟතාවයකට පැමිණ බැංකු වලින් හෝ වෙනත් මාර්ගයකින් අදාල මුදල් ලබා ගන්නට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පොහොර හිඟය මැද අමාරුකම් මධ්‍යයේ වුවත් ගොවීන් හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස්දහසක් මෙවර වී වගා කර ඇති බව සඳහන් කළ කෘෂිකර්ම  අමාත්‍යවරයා රාජ්‍ය බැංකු දෙකෙන් වී මිලදී ගැනීම සඳහා  මුදල් නිදහස් කිරීම තවමත් සිදුවන්නේ මන්දගාමී ලෙස බවද පැවසීය.



අදහස් (2)

වී මිලදී ගැනීමේ ගැටලුව ගැන ඉහළ තැන් දෙකකට කියන්න යයි

විපරමා Monday, 12 September 2022 05:13 PM

වැඩක් වෙන එකක් නැහැ. මේ දවස්වල අලුතින් ඇමතිකම් දෙනඑක, එයාලගේ දිමනා, වරප්‍රසාද වැඩිකරන එක පිළිබඳව මොනතරම් වැඩ තියෙනවාද?

:       2       6

Hafeel Monday, 12 September 2022 07:03 PM

එහෙම ඉහළ තැන් පහළ තැන්වලට කියකියා ඉන්නවා නම්, මෙයා මෙම ඇමති ධුරයේ ඉන්න එක තේරුමක් නැහැ. හැබැයි එදා නම් මෙයා කිව්වේ ජනාධිපතිගේ නියෝගයෙන් මෙච්චර මුදල් වෙන්කළා කියලා... දැන් මෙහෙම කියනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site