(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කරන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වී මිලදී ගැනීම සඳහා බිලියන දෙකක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය බැංකු දෙකෙන් ඉල්ලා ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇති බව පැවසු අමරවීර මහතා ගොවීන්ට අවශ්‍ය බිම් සැකසීම ආදිය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආදිය ලබාදීමට පියවර ගන්නා බවද පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’’වී මිලදී ගන්න සල්ලි ලැබිලා නෑ’’