IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වී ගබඩා 12ක් හෙට සිට සීරුවෙන්

(අංජුල මහික වීරරත්න)

වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී ගබඩා 12ක් හෙට (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වී මිල දී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 9 හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘතව තැබීමට තීරණය කර ඇත.

එම දිස්ත්‍රික්ක නවයට අයත් කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා හෙට සිට විවෘතව තබන බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වී ගබඩා 100ක් කවර අවස්ථාවක වුවද වී මිල දී ගැනීම සඳහා සුදානම්ව තබන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

 



අදහස් (2)

වී ගබඩා 12ක් හෙට සිට සීරුවෙන්

lankaputha Friday, 15 March 2024 06:18 AM

ප්‍රමාණවත් සහල් මාස 06කටවත් ලබාදෙන්න...

:       0       0

Nimal Friday, 15 March 2024 08:20 AM

මුළු රට වෙනුවෙන්ම ගබඩා 12 ක් විවෘර්තයි .ප්‍රශංසනීයයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site