(අංජුල මහික වීරරත්න)
ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවට ණය වාරිකයක් ගෙවීමට ඇතැයි කියා මෙම මුදල රඳවා ගෙන තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අදාල ණය වාරිකය ගෙවීමට ඇත්තේ ලබන සැප්තැම්බර් නව වෙනිදාට බවත් ඊට කලින්ම මුදල් රඳවා ගැනීමෙන් ගොවි ජනතාවට වී සඳහා මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුවෙන් අදාල මුදල් ලබාදීමට එකඟතාව පළකර ඇති අතර එම මුදල් ලැබෙන තෙක් වී අලෙවි මණ්ඩලය සතුව තිබූ රුපියල් මිලියන 300ක මුදලක් ගොවීන්ට අදාල ගෙවීම් කිරීම සඳහා මෙලෙස රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබේ.
ගොවීන්ගෙන් කුණු කොල්ලයට වී මිලදී ගැනීම නතර කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලක් නියම කර වී මිලදී ගැනීමේ කටයුතු කරගෙන ගිය බව කී කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රකාශකයා අදාල මුදල් රඳවා ගැනීමේ ප්‍රශ්නය නිසා ඉදිරි වී මිලදී ගැනීමේ කටයුතු වලටද ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව් කරලා
ravin Monday, 29 August 2022 09:17 PM
ඉස්සෙල්ලාම බලන්නකෝ ඔයකියන ණය මුදල ගත්තේ මොනවටද? වියදම් කළේ මොනවටද කියලා... විගණනය කරලා. වී මිලදී ගැනීමේ ගිණුම වෙනමම නැතිනම් මෙතෙක් කල් වී මිලදී ගත්තා යැයි කියලා අපිට පෙන්නලා තියෙන රූපය?
සුරංග Tuesday, 30 August 2022 05:35 AM
බැංකුවට දොස් කියලා හරියන්නේ නැහැ. මොකද ණයට ගත්තා නම් වාරික ගෙවන්න ඕනෑ ඒවා මගහරින්න බැහැ. මෙහිදී වී අලෙවි මණ්ඩලය වරදක් කරලා කියලා පේනවා. වරදකරුවන්ට දඬුවම් දියයුතුය. මිලියන 300ක ණය වාරිකයක් තියෙන්නේ කොහොමද? මේක සමහර විට පුද්ගලික වෙළෙන්ඳා බැංකුව සමග කළ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. වහාම විමර්ශණයක් කරන්න. කවුද කියලා තිබුනා ලක්ෂ 16ක් රජයේ සේවකයින්ගෙන් වැඩකරන්නේ ලක්ෂ 6 ක් කියලා... මේක උදාහරණයට ගන්න පුළුවන්...!
jayantha Tuesday, 30 August 2022 10:40 AM
ශේෂ පත්‍රය