IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වී ගන්න ගත් ණය වලින් වෙන වැඩ කරනවා දැයි සොයයි

(අංජුල මහික වීරරත්න)

වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස් වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දුන්නේය.

ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම උපදෙස් නිකුත් කර තිබේ.

මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ  මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටද සාකච්ඡා විය. 

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන  ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය විය. 

එබැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිලදී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු විය. නැවත සහල් හිගයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (5)

වී ගන්න ගත් ණය වලින් වෙන වැඩ කරනවා දැයි සොයයි

රුවන් Monday, 24 February 2025 08:26 PM

අපි නම් මේ පාර කිරි සම්බා විකුණන්නේ කඩේ මිලට රුපියල් 10 අඩුවෙන්. (අපේ කිරි සම්බා අස්වැන්න මේ පාර සරුයි, භාගයක් රජයට දුන්නා)

:       0       0

de silva Monday, 24 February 2025 09:08 PM

ඕව රජයකට කරන්න පුළුවන් වැඩ නොවේ , රජයෙන් ණයට දුන් මුදලින් වී ටික අරගෙන ඒවා ඊට පහුවෙනිදම මහා මෝල් වලට විකුණනවා , ගබඩා කිරීමත් පොඩි මොළ තුලදීම සිදු කරනවා, දිනපතා බොරුවට පොඩි මැෂිමක් තබාගෙන වී ට්කක් කොටා සිල්ලරට දෙනවා , මහා තොගේ පාලනය කරන්නේ මහා මෝල් කාරයෝ , දෙන සල්ලි වලින් වෙන බිස්නස් එකක් කරනවා , මාසේ අන්තිමට අවම වරිකේ බැංකුවට දමනවා , එකපාරට ආණ්ඩුවෙන් පැනලා චෙක් කරත් කියන්නේ අපි ළඟ වී තොග තිබෙනවා අපි වී කොටලා ජනතාවට දෙනවා කියල , ඕව බලන්න එන්නෙත් මහා මෝල් කාරයන්ගෙන් වැටුප් ලබන වී අලෙවි මණ්ඩලේ නිලධාරියෝ , ඔවුන් එන්න කලින් ටිප් එක දෙනවා ,

:       1       7

ගුණරත්න Tuesday, 25 February 2025 07:42 AM

අර කෝටි ගාණක් වියදන් කරලා ප්‍රචාරයක් දීලා පටන්ගත්ත ආණ්ඩුවේ ගබඩා වල කොපමණ වී තියෙනවද?

:       6       12

kamal, Koyrala Tuesday, 25 February 2025 12:15 PM

රජයේ සියලු දේ ලබාගත්තොත් ගොවීන්ගෙන් ලැයිස්තුව අනුව රජයට වී නොදුන් අයගේ සහනාධාර කපා හරින්න.. රජය ආරක්ෂා කළ යුත්තේ රජයකට අවනත ගොවීන්වයි..

:       0       0

sanath Tuesday, 25 February 2025 02:09 PM

සිල්වාගේ අදහස හරි , පොඩි මෝල් සහ ඔවුන්ගේ ගබඩා මහා මෝල් කාරයන් විසින් බද්දට අරන් , වී ගබඩා කරගෙන ඉන්නවා , ඔය වී අලෙවි මණ්ඩලේ සේවය කරන බහුතරයක් නිලධාරිනුත් සිරිසේනලා , සිරිපාල ගම්ලත් විසින් සේවයට බදවාගනු ලැබූ පුද්ගලයන් , කොලබින් පරික්ෂ කරන්න අපු ගමන් ඔවුන් ටිප් එක දෙනවා , එතකොට අර පොඩි වීමෝල් හැම එකකම මැෂින් වැඩකරන්න පටන් ගන්නවා , වී කොටලා දෙනකන් සහල් ගන්න අවා වගේ කිහිප දෙනෙක් මොලේ ඉන්නවා , පාලන මිලට ටිකක් අඩුවෙන් සහල් සිල්ලරට දෙනවා කියල බෝර්ඩ් එකකුත් පාරට පෙනෙන්න එල්ලනවා , පරීක්ෂකයෝ එනකොට ඔක්කොම වැඩ , ගිය ගමන් හෙමිහිට ඔක්කොම වහල දමනවා , වී මෝල් කාරයෝ රජයෙන් අඩු පොලියට දෙන සල්ලි , ගිනිපොලියට ඔවුන් තව කට්ටියට ඩේලි පේමන්ට් ක්‍රමයට දෙනවා , මාසේ අන්තිමට වරිකේ බැංකුවට දමනවා , හොඳම වැඩේ ඔය පාලන මිලවල් සහනාධාර ක්‍රම ඔක්කොම නවත්වල , පිටරටින් එන සහල් වලට 10% පමණ බද්දක් ගහල , ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වෙන්න ඉඩ හරින එක ,

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site