
(යොහාන් භාසුර)
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය.
අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යංශයට වී මිලදී ගැනීම සඳහා ලැබුණු මුදලක් අවශ්‍යතාව අනුව වී අළෙවි මණ්ඩලයට යොමු කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා අවශ්‍යතාව අනුව වී මිලදී ගැනීම මත මුදල් ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.
මෙවර නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක් ලබාදීමත් සමඟ එම වී කිලෝවකට ගොවියෙක්ට පෙර වතාවට වඩා රුපියල් 15 ක් ලැබෙන බවත් සෙසු වීවල මිල ද ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා කීය.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමෙන් පසුව එම මුදල් රාජ්‍ය මුදල් වීම නිසා පසුව ගෙවීමට කටයුතු කරන බවත් එසේ වුවද පසුගිය කාලයේ මෙන් මුදල් ගෙවීම දිගුකාලයක් ප්‍රමාද නොවන බවත් ඒ මහතා පැවසීය.
මෙවරව මිලදී ගැනීම වඩාත් විනිවිදභාවයෙන් කිරීම සඳහා ගබඩා භාරකරුට අමතරව සංවර්ධන නිලධාරීයෙක් සහ ගොවි සංවිධාන නියෝජිතයෙක් ද යොදවා ඇති බවත් ඒ හරහා ආණ්ඩුව මහජන මුදල් වැයකර මිලදී ගන්නා වීවලට ආරක්‍ෂාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
ගුණරත්න Wednesday, 05 February 2025 08:13 PM
මන්තිරි උතුමන්වහන්සේලාට වාහන පිනට දෙන්නත් වියදම් කරන්නේ කෝටි 500යි. මුළු රටේම කෝටි දෙකක් මිනිස්සුන්ට කන්න හාල් ගන්නත් වියදම් කරන්න කෝටි 500යි, හරි ෂෝක්. ආදරෙයි අනුරයියා...
උපාලි Wednesday, 05 February 2025 10:29 PM
ඔය මුදල් සම්පූර්ණයෙන්ම වී මිලදීගැනීම් වෙනුවෙන්ම පාවිච්චි කලොත් වී ටොන් 40,000 ක් තමයි මිලදී ගන්නට පුළුවන්. ඒ වී වලින් පුළුවන් හාල් ටොන් 25,000ක් නිෂ්පාදනය කරන්න. එය ලංකාවේ දින 4 ක අවශ්‍යතාවය.
Kazi Shajahan Thursday, 06 February 2025 09:04 AM
නාමල්ගේ හම යනවා, ලාලාගේ නම යනවා, අන්තිම දවස් වල ලාල්ලා වී ගැන වචනයක් කතා කළේ නෑ,හැංගිලා හිටියේ, දැන් ලොක්කා වගේ ඇවිල්ලා පොර ටෝක්ස් දෙනවා.