(මුදිතා දයානන්ද)
වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයකු පත්කර තිබුණ ද හිටපු සභාපතිවරයා තවමත් සේවයෙන් ඉවත් වීමට සුදානමක් නොමැති නිසා නව සභාපතිවරයාට සේවයට වාර්තා කිරිමට නොහැකි වි ඇතැයි ද වී මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අසමත් වීම, දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන ප්‍රමාද කිරිම ඇතුලු චෝදනා කීපයක් පදනම් කරගනිමින් ඇමතිවරයා හිටපු සභාපති නීල්ද අල්විස් මහතා ඉවත් කර ඇති බවද ඒ අනුව නව සභාපති ලෙස බුද්ධික මඩිහේවා මහතා පත්කර ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතාත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාත් සඳහන් කළේ එකිනෙකට පරස්පර අදහස් දෙකකි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ නව ඇමතිවරයෙක් පත්වු පසු සියලු ආයතනවල සභාපතිවරු මාරු කරන සාමාන්‍ය ක්‍රමවේදය අනුව නීල්ද අල්විස් මහතා ඉවත් කළ බවය.
කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේ වී මීලදී ගැනීමේදි රාජ්‍ය බැංකුවලින් නිසි සහයෝගයක් නොලැබෙන නිසා තවදුරටත් තමන් මෙම තනතුරු දැරීමේ තේරුමක් නැතැයි පවසමින් අල්විස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වු බවය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී අලෙවි මණ්ඩලයේ අවුල් ජාලයක්?