(ඉන්දිකා රාමනායක)
රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගියදා ඒ මහතාගේ නිළ කාර්යාල වටලා පැය 5 ට ආසන්න කාලයක් සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සිද්ධිය සම්බන්ධ වු බවට හදුනාගෙන ඇති වෘත්තිය සමිත සාමාජිකයන් කිහිප දෙනකුගේ නම් අධිකරණය ඉදිරිපත් කළ පොලිස් ආරංචි මර්ග පවසයි.
මෙම සිද්ධියේ එම කාර්යාලයේ විදුරුවලට ද පහර දී අලාභ හානි සිදුකර ඇතිබවත්, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්වරයාගෙ තක්සේරු වාර්තාවත් මේ දක්වා පොලිසියට ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නම් ඉදිරිපත් කළ සැකකරුවන් ඉදිරියේ අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Good Job Police .. arrest them.
අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුයි ඔය වෘත්තිය සමිති වලට ඕන විදියට වැඩකරන්න බැ. බෙල්ලන මහතා කිව්වේ ඇත්ත. මං වැඩකරන මාතර තත්වයත් ඔහොම තමයි. මං කලින් වෛද්‍යවරයෙක් විදියට සේවය කල කුරුණෑගල මහ රෝහලෙත් කුඩු ගංජා විමානයක්. සුළු සේවකයින් නිතරම ගංජා කුඩු ගහලා ඉන්නේ. ඒත් අපිට කුඩ්ඩෝ එක්ක හැප්පෙන්න බැනේ එනිසා ඉවසිමෙන් හිටියා. මාතරත් ඊට දෙවනි නැහැ. අනිවාර්යයෙන්ම සුළු සේවකයින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න ඕන.
මාතර විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ සියලුම රක්තවාත රෝහල්වල කුරුණෑගල ද එම තත්ත්වයම පවතී. රෝහල් අධ්‍යක්ෂවරයාට සුළු සේවකයන්ගේ පාලනයක් නැහැ. මෙම සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් දේශපාලන පත්වීම් ලැබූවන් ය. ඒ නිසා ඔවුන් තුරන් කිරීමට පොලිසිය පියවර ගත යුතුයි.