IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීහු කොටුවේ විරෝධයක

(නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික වෛද්‍ය පීඨ ඉදිකිරීම ඇතුලු අධ්‍යාපනය පෞද්ගළිකරණය කිරීමට විරෝධය පළකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (06) විරෝධතාවක නිරත විය.

විරෝධතාකරුවෝ සඨන්පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පස්වරු 4.00 පමණ සිට විරෝධතාවයේ නිරත වූහ.

පැයක පමණ කාලයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ගෝෂණයේ නිරත වූ විරෝධතාකරුවෝ අනතුරුව ලොටස් පාර හරහා ජනාධිපති ලේකම් කාර්්‍යාලය දක්වා පා ගමනින් විරෝධතාවයේ නිරත වූහ.

රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීම නවතනු, අධ්‍යාපනයට දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 6 ක් වත් වෙන්කරනු, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය නවතනු, ණගෘගඹ හරහා වෛද්‍ය උපාධිය විකිණීම නවතනු, විශ්ව විද්‍යාල සිසුන් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබාදෙනු, පාලකයින් කොතලාවල හරහා වෛද්‍ය උපාදිය විකිණීම නවතනු” ආදී බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවේ නිරත වූහ.

විරෝධතාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි වෛද්‍ය පීඨ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවය හේතුවෙන් කොලඹ කොටුව දුම්රිය සථානය ඉදිරිපිටින් වන බස් රථ මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වූ අතර මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට රථවාහන තදබදයක්ද ඇතිවිය. විරෝධතාවය සහ පාගමන සිදුවන අවට පොලිස් නිලධාරීන් හා කැරලි මර්ධන ඒකකයද කැඳවා තිබිණ.

 



අදහස් (0)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීහු කොටුවේ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site