මෙක්සිකෝවේ සිට පැමිණි වෛද්‍ය ගුවන් යානයක් ගැල්වෙස්ටන් බොක්ක ආසන්නයේදී ඊයේ (22) දින කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.
මෙක්සිකානු වෛද්‍ය සහන මෙහෙයුමක් සිදු කරමින් තිබූ නාවික හමුදා ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් වී ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය ටෙක්සාස් හි ගැල්වෙස්ටන් වෙත ළඟා වෙමින් සිටියදී අනතුර සිදුවී ඇති බව ද වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ නාවික හමුදා නිලධාරීන් 4කු සහ කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් 4කු සිට ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයින් 5 දෙනා අතරට කුඩා දරුවාද අයත් බව මෙක්සිකෝ නාවික හමුදාව පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනතුරින් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති බව හා එක් අයෙකු තවමත් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගැල්වෙස්ටන් ප්‍රදේශයේ තිබූ ඝන මීදුම තත්වය නිසාවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි එරට බළධාරීන් සැක පළකරන බවද විදෙස් මාධ්‍ය පවසයි.
අන්තර්ජාලය ඇසුරෙන්
(හසිනි නවෝද්‍යා)


2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1023
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට