(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ ගයාන් සූරියආරච්චි)

වෙරළබඩ නිව් හැම් චතුරස්‍රය වෙළඳසැලක් ඉදිරිපිටදී කුකුල් මස් ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් පුද්ගලයෙක් බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ප්‍රවාහනයට කිරීමට යොදා ගත් ත්‍රී රෝද රථයද සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

එම අපරාධය සිදුකිරීම සඳහා යතුරුපැදිය ලබාදීම අපරාධය සඳහා භාවිතා කළ ගිනි අවිය සේදවත්ත ප්‍රදේශයේ සිට මහාවත්ත ප්‍රදේශයට ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කිරීම ,සැකකරු විසින් සිදුකර ඇති බව පොලිසියේ සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15 පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකි.