
(ගයාන් සූරියආරච්චි)
මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ වී අලෙවි මණ්ඩලය, සතොස සතු අඩුපාඩුකම් සහිත ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් Anchorපෙරේදා (16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණ.
ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන්වීමට පෙර නිමකරන ලෙසත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම මහකන්නයේ වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රවලට ආරක්‍ෂාව සැපයීමටත් ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇත.
දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එ එල් රාජගුරු මහතා, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් - ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


COMMENTS
තම පටු දේශපාලන අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා බලය නැති වකවානුවල ත්‍රිවිධ හමුදාවන් යම් යම් ක්‍රියාවන් කරනකොට බොහෝ විවේචනය කරපු ජන කොටසක් තමයි මාලිමාව කියන්නේ... දැන් ඔවුන්ගේ කාලයේ ඒවා හොඳයි. බලය නැති කළ පට්ට කෙබර ඇද බාන්නේ නැතිව ඉන්න දැනගන්න ඕනෑ හැම කෙනෙක්ම...!