IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා

(අංජුල මහික වීරරත්න)

විස මතට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විෂ මත් ව්‍යසන පරදන " රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.

අප රට වෙලාගෙන සිටින මායාකාරී ව්‍යසනය පරාජය කරන්නට අද අප එක්වී සිටිනවා.අප ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ ගොදුරු බවට පත්වී සිටිනවා .මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ.දශක ගණනාවක් ක්‍රමිකව පැමිණි මෙය අද සමාජයම ගිල ගන්න තැනට වැටී තිබෙනවා.

මම වගේම අපේ ආණ්ඩුව මේ ව්‍යසනයට එරෙහිව හැප්පෙන්න තීරණය අරගෙන තිබෙනවා.මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගන්න තැනට පැමිණ තිබෙනවා.බන්ධනාගාර ගත වන අයගෙන් සියයට 64 ක් මත්ද්‍රව්‍ය වලට හසුවූ අයයි.

රටේ අනාගතයේ මහමග වැනසෙන විට අපට බලාගෙන ඉන්න අයිතියක් නැහැ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා

අන්_ර Thursday, 30 October 2025 11:37 AM

අපේ නොවන පාතාලයන් සහමුලින්ම නැති කරන්න තීරණය කලා. අපේ අයට ඕන එකක්. ජනතාවට ඕවා තේරෙන්නේ නෑ.

:       11       10

සඳමාලි Thursday, 30 October 2025 11:45 AM

හාල් මාෆියාවට එරෙහිවත්, ඉන්ධන මාෆියාවට එරෙහිවත්, තවත් බොහෝ මාෆියාවනට එරෙහිවත් ඔබගේ රජය කටයුතු කළ හැටි අප අත්දැකීමෙන්ම දැන් දන්නා නිසා මේ මාෆියාවට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කළා යන ඔබගේ සුපුරුදු කයිවාරුව ඇහෙන කොට අපට හිනායනවා ජනාධිපති තුමා. නමුත් අපි මේ කර්තව්‍යයට සුබ පතනවා. දැනට නම් මත් මඩිනවා යනුවෙන් ඔබතුමන්ලා සහ ඔබගේ පොලිසිය විසින් සිදු කරනු ලබන්නේ හුදු ඇස් නිලංකාර කරන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණයි.

:       16       13

පිටරැටියා Thursday, 30 October 2025 04:16 PM

රටේ මත්ද්‍රව්‍ය විනාශ කිරීම මාධ්‍ය සන්දර්ශනයක් වෙන්නේ කොහොමද? තමුන්ලා වගේ අය ගැන කියන්න වචන නැහැ. ලැජ්ජයි...

:       3       3

Rata Perata Thursday, 30 October 2025 12:37 PM

හිටපු නායකයෝ නම් කුඩු කාරයෝ බදාගත්තා...

:       0       0

fairoos Thursday, 30 October 2025 01:20 PM

නියමයි... ජනතාවගේ පූර්ණ සහයෝගය...

:       1       0

Malima naamba Thursday, 30 October 2025 02:47 PM

මීට කළිනුත් ඔය විදිහටම හැප්පිලා බලමු කිව්වා මතකයක් වගේ තියනවා. ඒත් කමක් නැහැ හුරේ දාමු තව පාරක්.

:       1       3

Mohan Thursday, 30 October 2025 03:32 PM

සදමාලි, මොලේ චෙක් කරලා බෙහෙත් ගන්න සුදූ

:       1       4

Prabath Thursday, 30 October 2025 03:41 PM

දන්නේ නැති නිසා අහන්නේ. මොකක්ද විෂ මත් ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අතර වෙනස.... KPI අල්ලන්නේ නැතිද?

:       1       2

ගමේ එකාලා Thursday, 30 October 2025 04:57 PM

මතට තිත කියලා පෙර පැවැති ආණ්ඩුත් බොරු සන්දර්ශන තිබ්බා. වැඩක් වුණාද? මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා විනාශ වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි අපේ මතු පරපුරයි. එය නැති කළ යුතුමයි. සදමාලි ඉන්නේ නම් මොලේ උඩ වගේ...

:       2       0

රනේ Thursday, 30 October 2025 05:02 PM

සේරම වසංගත ඉක්මනින් වනසමු...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1697 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site