IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


විවිධ වෛද්‍ය ක්‍රම එක තැනකින් ගන්න ක්‍රමයක් හදයි

(අංජුල මහික වීරරත්න)

විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

එම වැඩපිළිවෙළ පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ආරම්භ කිරිමට අදහස් කරන බවද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දැක්වුයේ ශ්‍රී ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල වශයෙන් ඉතිහාසයට ද එක්වෙමින් ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් රැසක් ලබාදෙනු ලබන මධ්‍යම පළාතේ, පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවාවන් සොයා බැලීමට‌ එක් වෙමිනි.

බටහිර වෛද්‍ය ක්‍රමයන් තුළින් මෙන් ම දේශීය ප්‍රතිකාර ක්‍රමවේදයන් තුළින් ද  ජනතාව වෙත වඩා යහපත් වූ සෞඛ්‍ය ආරක්ෂිත, උසස් ජීවන තත්ත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම නව සැලසුම් දියත් කරන බවත් ඒ තුළින් දේශීය වෛද්‍ය  ප්‍රතිකාර සේවාවන්ට අගයක් මෙන් ම, විශිෂ්ටත්වයක් ද ලබා දීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

සියලු ආයුර්වේද ප්‍රතිකාර අංශයන්ගෙන් සමන්විත පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහල අතීතයේ වතු රෝහලක් ලෙස ආරම්භ කොට ඇති අතර, රෝහල ස්ථාපිත කොට මේ වන විට වසර 40 කට අධික  කාලයක් ගතව ඇත. පංචකර්ම ප්‍රතිකාර  ඒකක සහ නේවාසික වාට්ටු සංකීර්ණ 08 කින්  ද ගෙවන වාට්ටු කාමර 11 කින් ද සමන්විත මෙම රෝහලෙන් දිනකට රෝගීහු 500 කට අධික ප්‍රමාණයක් නේවාසිකව හා බාහිර ලෙස ප්‍රතිකාර ලබා ගනිති.



අදහස් (2)

විවිධ වෛද්‍ය ක්‍රම එක තැනකින් ගන්න ක්‍රමයක් හදයි

කමල් Friday, 14 February 2025 03:57 PM

මිනිසුන්ට ලැබෙන විශේෂ ප්‍රතිලාභය?

:       0       0

Hafiz Saturday, 15 February 2025 01:27 AM

ජෙරොම්ගේ කට්ටිය, අර කට්ටඩි සෙට් එක, දොට්ට ධම්මික බාස් එහෙමත් එයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 317 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site