IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විරෝධතාවයට සිදුකළ බාධා කිරීම් ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය කොළඹදී  අද(16) සංවිධානය කරන විරෝධතාවයට පැමිණෙන ජනතාවට විවිධ ප්‍රදේශවල දී පොලිසිය බාධා කිරීම් සිදු කළ බවත් ජනතාව පැමිණි බස් රථ මාර්ග බාධක යොදා හරවා යැවීමටත් සංවිධායකවරුන්ගේ කාර්යාලය ඉදිරිපිට  පොලිස් නිලධාරීන් යොදවා බාධා කිරීම් සිදුකළ බවත් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛ යවා ජනතාවට විරෝධතාවට පැමිණීමේ සියලුම මාර්ග අවහිර කිරීමට කටයුතු කළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

ජනතාවට විරෝධය පළ කිරීමේ නිදහස උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (10)

විරෝධතාවයට සිදුකළ බාධා කිරීම් ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා

තිලාන් Tuesday, 16 November 2021 12:50 PM

මේ රටේ තියෙන්නෙ කැලා නීතියක්, ප්‍රශ්නෙට මුහුණ දෙන්න කොන්ද පණ නැහැ, ලොක්කා ජනතා බලය දකින්න බයයි, පුදුම නීතියක්, පාරෙ දුවන බස්වල මිනිස්සු කිටි කිටියෙ යනවා, කෝච්චි වල යනවා, ජනතා හඬ යට ගහන්න මිනිස්සුන්ට බලපෑම් කරනවා, ලැජ්ජයි යකෝ, විලි ලැජ්ජයි. නිරායුධ මිනිස්සුන්ට හිරිහැර කරන එක ලොකු දෙයක්ද? මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ, ගෙදර පලයල්ලා

:       18       15

මසිරිපාල Tuesday, 16 November 2021 12:56 PM

නීතිමය පියවර ගන්න නොවෙයි රජයක් පිහිටුවීමෙන් පසුව බලය අයුතු ලෙසට පාවිච්චි කලාට එයට සම්බන්ධ සියලු දෙනාටම ජීවිත කාලයටම ප්‍රජා අයිතිය අහෝසි කරන්න

:       12       13

Bamunuarachchi Tuesday, 16 November 2021 12:58 PM

යාළුවා කාගෙවත් විරෝදතාවලින් ප්‍රයෝජනය ගන්න වගේ හදන්නේ?

:       16       5

යෝගා Tuesday, 16 November 2021 01:09 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කරන්න කොරෝනා බලකරන්න දුන්නේ නෑ කියලා

:       7       19

kumara Tuesday, 16 November 2021 01:23 PM

අනේ බුදු පුතේ වැඳලා කියන්නම් .මේ රටේ ආයේ කොවිඩ් හදන්න නම් දඟලන්න එපා .මිනිස්සුන්ට කන්න නැහැ තමයි .එත් ඔයාලා ඒ අහිංසක මිනිස්සුන්ව පාරට බස්සවලා ජීවිතේ නැති කරන්න එපා .තමන්ගේ සටන් ඔන්ලයින් කරන්න .පින් අයිති වෙයි

:       8       18

Dumi Tuesday, 16 November 2021 02:11 PM

සමහරු රජයේ රැකියාවක් ලබා දෙන්න කියලා උද්ඝෝෂණ කරනවා. සමහරු වැටුප් වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. සමහරු උද්ඝෝෂණ කරන්නේ හැමදේම නොමිලේ දෙන්න කියලා. සමහරු උද්ඝෝෂණ කරන්නේ බලය ගන්න.

:       1       8

Chinthaka Tuesday, 16 November 2021 02:12 PM

අද ජනතාව අන් කවර දාකටවත් වැඩියෙන් .හෙම්බත් වෙලා ඉන්නේ .මේ වෙලාවේ පිස්සු නටලා ආයෙත් කොවිඩ් රැල්ලක් ඇති කරලා ඉතිරි ටිකත් විනාශ කරලා දමන්න මෙයාලා හදන්නේ .ඔයාලට තියන හදිස්සියට ආණ්ඩු පිහිටුවන්න බැහැ .මේ එකට අවස්තාව නොවේ . වාහන වල යන්නේ ,සෑම පැත්තකින්ම ආරක්ෂිතයි .ඒත් ඔතනට එන මිනිස්සු

:       1       8

ramani Tuesday, 16 November 2021 02:15 PM

ඇත්තටම තව සුමාන දෙක තුනකින් ආයිමත් කොරෝනා රැල්ලක් මතුවුනොත් මේ කට්ටිය ගැන අපි මානව හිමිකම් කාරයන්ට පැමිනිලි කරන්න ඕනා. මේ අයට ඕනා අපිව මරලා හරි තමන් බලයට එන්න​. රජයත් විපක්‍ෂයත් දෙකටම කියන්නේ තව දුරටත් අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කෝවිඩ් පැතිරෙන දේවල් දැන දැනම කරලා.

:       4       7

Senarath Tuesday, 16 November 2021 02:22 PM

ඔයාලට හැමදේටම ඉතින් ජාත්‍යන්තර්ය නේ.ගිහිල්ලා කියන්න අපිට කොවිඩ් පතුරවන්න ඉඩ දෙන්නේ නැහැ කියලා .ඔයාලට කොහොමත් මල කඳන් උඩින් බලයට ඇවිල්ලා හොඳට පුරුදුයිනේ .ඒ වගේම ඔයාලට ඕනේ නැවත රට වස්සලා රටේ ආර්ථිකය වට්ටවලා බලය ගන්න නේ . ඒ උනාට අඩුම තරමේ කුලී වැඩ කරලා එදා වෙලා සොයාගෙන කන මිනිස්සු ගැනත් හිතන්න .එහෙම නැති නම් වෙන්නේ ඔයාගේ හිටපු ලොක්කාට උන දේ.කයිවාරු ගහගෙන හිටියට ඉතිහාසේ කුණු බක්කියට වැටුනා නේ

:       3       9

naleen Tuesday, 16 November 2021 03:21 PM

ජන රාශිය නැවැත්වීම සම්බන්දව වහාම ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කල යුතුය.

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 189 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 418 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 501 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 315 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 413 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 146 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site