(රොෂන් තුෂාර)
සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකක් හා රුපියල් 30,000/= ක මුදලක් බලෙන් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (21) නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරිණි.
සිංගප්පූරු ජාතිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් බම්බලපිටිය පොලිසියේ පොලිස් සැරයෙන් වරයකු හා පොලිස් රියදුරකු මෙසේ ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කියා සිටියේ පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටින අතරතුර රාත්‍රියේ මුර සංචාරයේ නිරත සැකකාර පොලිස් නිලධාරින් දෙදෙනා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කර විදේශීය දුම්වැටි දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඊට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා මෙම මුදල් ඉල්ලා බලෙන් ලබා ගෙන ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
විදේශිකයාගෙන් අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ්
chathuri Thursday, 21 August 2025 08:18 PM
මේ රටට එන්න කලින් විදෙශිකයිනුත් රටේකෑම බීම් ගැන හොයලා එන්නේ වස විස තියෙන බව දන්නවා... තමන්ට ඕන දේ ගෙනත් තියෙන්නේ වෙළඳාමට නෙමේ... ලංකාවේ දුම් බිව්වොත් හැම පැත්තෙන්ම දුම් පිටවෙන බව දන්නවා. ලංකාවේ ජීවත් වෙන කට්ටිය දන්නේ නැහැ කන්නේ බොන්නේ විස කියන්න. පිට ඉන්න මිනිස්සු දන්නවා. ඊකනේ පිලිකා රෝහල් උතුරන්නේ...