IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකා සිරකරලා

(මලිත් රාජපක්ෂ)

කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරු කිරිමේ ලිපිය රැගෙන අද පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මියට විදුහලේ දොරටු වසා පිටතට යෑමට නොදී පැයක පමණ සිරකර තැබීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබුණි.

විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ යැයි කියාගත් කිහිප දෙනකු මෙලෙස දොරටුව වසා ඉබි යතුර දමා තිබූ අතර එයට සහාය දක්වමින් ගුරුවරු පිරිසක්ද විදුහල් භූමියේ රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ තාවකාලික වැඩ බලන විදුහල්පති එස්.කේ.සමරනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරුව කිරීමේ ලිපිය රැගෙන පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැයකට ආසන්න කාලයක් මේ නිසා සිය නිල රථයට වී සිටීමට සිදු වූවාය.

සිද්ධිය සැලවු විගස මාපිය පිරිසක්ද පැමිණ ප්‍රධාන දොරටුවෙන් පිටත රැදි විදුහල්පතිට එරෙහිව "ස්ථාන මාරුවක් ලැබුණේ නම් යන්නයි" හඬ නගන්නට විය.

සිද්ධිය සැලවු වහාම ක්‍රියාත්මක වූ කන්තලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාර මහතා මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා ප්‍රධාන දොරටුව විවෘත කර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට පිටතට යෑමට ඉඩ සැලසීය.



අදහස් (0)

විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකා සිරකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32860 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15461 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10016 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 3 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 177 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 483 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site