
(අමදෝරු අමරජීව )
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කන්තලේ , සීනිපුර පදිංචි එච්.එම්. ධනවිරත්න බණ්ඩා (42) නැමති දෙදරු පියෙකි.
ටකරන් සෙවිලි කළ වහලයට විදුලිය කාන්දු වී ඇති අතර එම විදුලිය පැති තහඩුවකින් මෙම මියගිය අයට විදුලි සැර වැදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවැසියන් කිසිවක් නිවසේ නොසිටි අතර පසුව ඔහුගේ පුතා නිවසට පැමිණි අවස්ථාවේ පියාට විදුලි සැර වැදී වැටී සිටින අයුරු දැක ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd