(අමදෝරු අමරජීව)

නිවසේ ඇති වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කරද්දී විදුලි සැර වැදුණු දොළොස් හැවිරිදි පාසල් සිසුවකු කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කින්නියා පොලිසිය කියයි .

මෙලෙස මිය ගොස් ඇත්තේ කින්නියා, කාකමුනේ පදිංචි කාකමුණේ රජයේ මිශ්‍ර පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන අබ්දුල් කාදර් සාදික් නැමැති සිසුවාය .

වතුර මෝටරය ක්‍රියාත්මක කරද්දී අක්‍රීය වීම නිසා එය පරීක්ෂා කරද්දී සිසුවාට විදුලි සැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ .