IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී අද (13) පස්වරුවේ පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ඉවත්කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක අංශය ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ මහතා යන මහත්වරු සාකච්ඡාවෙන් ඉවත් කළ අතර විදුලිබල අමාත්‍යංශයේ ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙක් සමින්ද මාදුගොඩ ගමගේ මහතා ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකිවිය.

එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ මහතා 1990 ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගියේය.

දෙපාර්ශවය අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදී සමින්ද ගමගේ මහතා කිසියම් ලිපියක් අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයාට ද එම තනතුර දැරිය නොහැකි යැයි පවසමින් විරෝධ පළකිරීමත් සමඟ ඔහු සහ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස අමාත්‍යවරයා දැන්වීමෙන් පසුව ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් ඉවත්කිරීමට කටයුතු කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසුවේ අමාත්‍යවරයා සුපුරුදු පරිදි ගැටලුවට ‘බලමු බලමු’ යැයි පැවසීම හේතුවෙන් සමින්ද මහතා ඊට විරුද්ධව අදහස් දැක්වූ බවත් එහිදී ඔහු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා නිල් පැහැදි නිල ඇදුමින් සැරසී සිටි විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂයට පැවසූ බවත්ය.

එම වෘත්තීය සමිති නිලධාරීන් සාකච්ඡාවෙන් ඉවත් කළ ආකාරය පළිගත නොහැකි බවත් ඔවුන් ඇදගෙන ආ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක නිලධාරීන් ද එම මණ්ඩලයේ සේවකයන් බව ද මතකයේ තබාගත යුතු බවත් ඒ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  

මෙම සිද්ධිය පිළිබඳව බලශක්ති අමාතයංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල වෘත්තිය සමිති නියෝජිතයන් දෙදෙනාට එම සාකච්ඡාවට සහභාගිවීමේ අයිතියක් නොමැති වුවද සහභාගි වීමේ අවස්ථාව දුන් බවත් ඔවුන් සාකච්ඡාව කඩාකප්පල් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඉවත්කළ බවත්ය.

එම සිද්ධියෙන් පසුව සමින්ද ගමගේ මහතා පැවසුවේ ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමය ලියාපදිංචි වෘත්තීය සමිතියක් බවත් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා අමාත්‍යවරයාට ලිපියක් භාරදීමට පැමිණි බවත්ය.

එහිදී ආරක්‍ෂක අංශ නිලධාරීන් තමන්ට පහරදීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද එහිදී සමින්ද මාදුගොඩ ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 818 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site