(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25 ක් පමණි. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඒකාබද්ධ කර පුළුල් බල ශක්තිය ආයතනයක් ස්ථාපිත කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ. මෙයට අමතරව විදුලි සේවකයන්ගේ අයිතීන් සුරැකීමද මෙම පනත් කෙටුම්පතේ තවත් අරමුණකි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය. මෙම විවාදය අද පෙරවරු 11.00 ට ආරම්භ වූ අතර ඡන්ද විමසීම පැවැත්වුණේ පස්වරු 5.15 ට පමණය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විදුලි පනත සම්මතයි