IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි

(අංජුල මහික වීරරත්න)

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ,ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද විජිත හේරත් මහතායි.



අදහස් (7)

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි

Ajantha Wednesday, 25 September 2024 12:26 PM

රටට හොඳක්ම සිදු වේවා

:       13       63

Bandara Wednesday, 25 September 2024 12:30 PM

සුභපැතුම් ඔබට! මැර බලයෙන් තොර සුහදශීලී කාර්යක්ෂම ඇමතිවරයෙක් වන්න.

:       26       38

බද්රානි Wednesday, 25 September 2024 01:28 PM

ගරු ජනමාධ්‍ය ඇමති තුමෙනී, කරුණාකර ලංකාවේ පවතින පාදඩ ජඩ මඩ කරණය තුරන් කරමින් සදාචාර මාධ්‍ය කාරණයක් මෙරටේ බිහි කිරීමට හැකි කඩිනමින් නිසි පියවර ගන්න...නයි නටවමින්, කොවිඩ් වසංගතයට පැණි බොමින්, ජනතාව ගොනාට අන්දවමින් නොමග යවන මෙන්ම මහාචාර්ය පට්ටම් දරමින් පත්තරවලට ලිපි ලියා බොරුව සමාජ ගත කිරීමට වෙර දරන අයට නිසි දඬුවම් ලබා දෙන්න... ඒ වගේම කසිකබල් ටෙලි නාට්‍යය නිසි නියාමනයකින් යුතුව විකාශනය කරන්න පියවර ගන්න...නිසි විවේචනයකින් තොරව පාලකයින්ට මුට්ටි අල්ලමින් වන්දිබට්ටකම් කරන මාධ්‍ය පාදඩයින් හඳුනා ගන්න...ජයවේවා!!

:       61       47

අරවින්ද මොනරවිල Wednesday, 25 September 2024 02:09 PM

නව ජනමාධ්‍ය ඇමැතිවරයාට උණුසුම් සුබපැතුම් ! මේ රටේ මාධ්‍ය වලින් වඩාත්ම බැට කෑ හා අසාධාරණයට ලක්වූ කණ්ඩායමක සමාජිකයෙක් වූ ඔබට මෙරට ජනමාධ්‍ය හැසිරවිය යුතු ආකාරය ගැන අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නොවනු ඇත...

:       28       29

සෙනෙවිරත්න Wednesday, 25 September 2024 02:53 PM

හරිදේටත් ඩිස්ලයික් දාන කුලියට කොටන මඩ බලකායට මේ මාසෙ ඉවර වෙනතුරු වැටුප් ලැබෙනවාද?

:       3       19

විචක්ෂණ Wednesday, 25 September 2024 09:30 PM

ඒ වගේ තමයි පේන්නේ. මේක කුලියට කොටනවා නම් හොඳයි. රස්සාවනේ. හැබැයි හොඳ දේ දැක දැක නොදැක්කා වගේ කොටන එකයි, පාට කණ්නාඩි වලින් විතරක් ලෝකෙ දකින එක ඔලුවටම ගිහින් තියෙන එකයි හොඳ කරන්න බෑ. හරියට මෝඩකම වගේ...!

:       0       0

විජිත් Wednesday, 25 September 2024 04:48 PM

මගෙනුත් සුබපැතුම් ඇමැතිතුමනි. ජනමාධ්‍ය කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ලොවට පෙන්වන කැඩපතක්. අපේ රටේ රජයේ ජනමාධ්‍ය සියල්ලම ඒ ඒ යුගවල පැවැති රජයන්වල හොරණෑ ලෙස පමණයි ක්‍රියාකළේ. විරුද්ධ පක්ෂ සමාජයේ වැඩදායි දෙයක් කළත් එවැනි සිදුවීම් ජනතාව ඉදිරියට ගෙනයෑම රජයේ ජනමාධ්‍යයන්ට තහනම් වෙලා තිබුනේ. මැතිවරණ කාලවල තත්වය ඊටත් නොදෙවෙනියි. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ මේ " පවතින රජය පමණක්ම හුවා දැක්වීම" නම් රජයේ මාධ්‍යයන් කරන අශීලාචාර සෙල්ලම නවත්වා දමන්න ඔබට ශක්තිය ලැබේවා. එදාමෙදා තුර ජාතික ගුවන් විදුලියට අරක්ගෙන සිටි අශීලාචාර, උදේ පාන්දරම කුණුහරුප වමාරන, මුළු රටම හඩු ගඳ ගැස්සු, මිනිස් ඝාතකයා එළවා දැමීම ගැන ඔබට බොහෝමත්ම ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site