(ගයාන් සූරියආරච්චි සහ ෂේන් සෙනෙවිරත්න)
තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව අද (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 22 ක් වයැසැති නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය පවසයි.
අතුරුදන්වූ පුද්ගලයා අවුරුදු 24 ක තෙල්දෙණිය, කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
මෙම අඹුසැමි යුවළ අලුත විවාහ වූ යුවළක් බවත් ඔවුන් දෙදෙනා තිහාරිය ප්‍ර දේශයේ පදිංචිව සිට ඇති අතර සිංහල අවුරුද්දට සැමියාගේ ඥාති නිවෙස පිහිටි කුඹුක්කදුර ප්‍රදේශයට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ඛේදනීය යි.