(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් අදාල නිලධාරීන්ට නියෝග කර ඇත.
මේ අනුව ඔවුන් ලබන සඳුදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුවේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සමහර මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට සඳහන් කෙරුණු ආචාර්ය උපාධි පසුගියදා ඉවත් කෙරිණ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කරනු ලබන්නේ එහි සභා ලේඛන අංශය විසිනි.
COMMENTS
සභා ලේඛන අංශයේ නටුකෑලි, පර මල්, අර පිපුණු නැති ඒවා එහෙම හොයනවා නෙවෙයි ඕං !!! .. මෙයට විශ්වාසී හිටපු ආචාර්ය බකල ජයා මයා.
පහුගිය ආණ්ඩුවේ හිටපු කතානායකගේ නෑයෝ තමයි වැඩි හරියක් පාර්ලිමේන්තුවේ වැඩකළේ, ඔවුන් NPPඑකට මඩගහන්න මෙහෙම කළාද කියලා සොයලා දැඩි දඬුවම් දෙන්න...
මොන ආණ්ඩුව ආවත් වතුර ගලන්නේ උස තැනින් නෙමෙයිනේ...
උත්තරීතර පාර්ළිමේන්තු වෙබ් අඩවියේ වැරැදියට තම නම සඳහන්ව තිබියදීත් මෙපමණ දවසක් ඒ ගැන නිහැඬියාවක් දැක්විම සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරු පළමුවෙන් කරුණු ඉදිරිපත් කළ යුතුමයි. ජනපති සහ අගමැතිටද මේ සම්බන්ධයෙන් වගකීම වගවීම කරහැරිය නොහැකියි.
දැන්නම් කලින් ආණ්ඩුවල හිටිය මහාචාර්ය ආචාර්ය පට්ටම් කාරයෝ ගැනත් සැකයි. ඒ ගොල්ලන් වැඩිපුරම කලේ රාජපක්ෂ පවුලේ පස්ස හෝදන එක නේද? චීවරධාරී මහැදුරෝත් ඇතුළුව.
පාර්ලිමේන්තු කොමසාරිස්වරුන් අතර ඉන්නේම රාජපක්ෂලාට කඩේ ගිය අයයි. එක්කෙනෙක් ඉන්නවා මහින්ද කතා කරකර යන්න ප්ලේන් එකේ නිකං දාගෙන යන කෙනෙක්. මේ අය මාලිමාවේ ආධුනිකයින්ගේ කකුලෙන් අදින්නේ නැතිවෙයි කියලා හිතන්නේ කොහොමද? කොලේ වහලා ගහන්නේ…
දැන් එයාලගේ පිටින් වවන්න වගේ හදන්නේ, පහත් තැනින් යයි ගලා ජලේ... NPP එකත් ඒ වගේද?
පහත් තැනින් යයි ගලා ජලේ... වේගයෙනි පහත් තැනින් යයි ගලා ජලේ... දිළිදා සෝකෙන් තැවේ ලෝකේ සදා ඉන් පහත් තැනින් යයි ගලා ජලේ... පහත් තැනින් යයි ගලා ජලේ... වේගයෙනි පහත් තැනින් යයි ගලා ජලේ... දිළිඳා සෝකෙන් තැවේ ලෝකේ සදා ඉන් පහත් තැනින් යයි ගලා ජලේ...