
(යොහාන් භාසුර)
එක්සත් ජනරජ පෙරමුණ රටේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් දුන් පක්ෂයක් බවත් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා යැයි අමුතුවෙන් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් එම පක්‍ෂයට නොමැති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කොළඹ නගරයේ ගංවතුර, කුණු කසල සහ මාර්ග තදබදය යන ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් දීමට තමන්ට හැකි වූ බවත් එවැනිම ආකාරයෙන් ජනතාවට සේවය කිරීමට පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජනරජ පෙරමුණට දෙන ලෙස ඉල්ලා සිටින බවත් රණවක මහතා කීය.
එක්සත් ජනරජ පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවලට නාම යෝජනා බාරදුන් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
මහින්ද රාජපක්ෂගේ කැබිනෙට්ටුවේ ඉන්න කාලේ ඔබ යම්කිසි වැඩක් කළා. ඊට පස්සේ "ඉන්න හිතෙන රටක්" යහපාලනෙත් එක්ක හදන්න ගිහින් සවුත්තු උනා. ඊට අමතරව කළ එකම දේ පදික මාරුව කහ පාටින් සුදු පාටට මාරු කළ එක විතරයි. ඊට පස්සේ සජිත් සමග දීග ගිහින් නැවත ඒ මන්ගල්ලෙනුත් ඉවත් උනා. ඉතින් අපි කොහොමද රණවක මහතාව විස්වාස කරන්නේ? නමුත් මාලිමා රංචුවට වඩා නම් ඔබ සාධනීයයි
නැතුව නැතුව…., අපිට මොකද මතක නැත්තෙ…, අර මහ රෑ වැඩ පෙන්නන්න ගිහිල්ල නේන්නං කොල්ලෙක්වත් හැප්පුවෙ…!
තමුන් පෙන්වපු වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ..යහපාලන ආණ්ඩුව කාලේ කරපු දේවල් ගැනත් දන්නෝ හොන්දාකාරවම දනිති .
එහෙනං ඔබතුමාලා අපරාදේ තරඟ කරන්නෙ?
ඔයා කොළඹ නගරයේ ප්‍රශ්ණවලට ස්ථීර විසඳුම් දුන්නනම් මොකටද කොළඹ පළාත්පාලන ආයතනවල බලය ඉල්ලන්නෙ? දැන් ඔය වයසට ගෙදරට වෙලා හිටහල්ලකො? අනික, ඔයා ප්‍රශ්ණවලට ස්ථීර විසඳුම් දුන්නනම්, ඒ යහපාලන ආණ්ඩුව කාලෙනෙ? එකෙන් කරලා, වෙන පක්ෂෙකට බලය ඉල්ලන්නෙ කොහොමද ගොයියො?
හැම පක්‍ෂයකටම පැනලා ප්‍රශ්න ඇතිකරලා කොලේ ඉරාගත්තට පස්සේ ඔය මොනවා කිව්වත් වැඩක් නෑ. ජනතාව ගනන් ගන්නේ නෑ.
මෙයා පක්ෂ ගණනාවක ඉඳලා තියෙන නිසාත් මෙයා දැන් ඉන්න පක්ෂය කවදාවත් කිසි වැඩක් කරලත් නැති නිසා මේ ගොල්ලන්ට ඡන්දේ දෙන්න විදිහක් නෑ...
තමුන්ලා බලයේ හිටපු කාලේ පෙන්වපු වැඩවල හොඳකමට වෙන්ඩැති රටට මෙහෙම වුනේ...!
ජනතාව ගණන් ගන්නේ නැත්තේ යෝගා වාගේ රනිල්, රජපක්ෂලාට කඩේ යන, ඉරාගන්නවත් කොලයක්වත් නැති මී හරක්ව...!
හොර වැඩද? හරි හරි එහෙනම් ඔයාලාට තමයි දෙන්න ඕනෑ. බලං ඉන්නකෝ.... අතුගාලාම දානවා..!
කියපු කිසිවකට ස්ථීර විසඳුම් ලැබිලා නැහැ.
මන්නාරමේ තෙල්, ගෑස් නිධිය දැන් හිඳිලාද?
හරියටම හරි හොරා කාපු, කොමිස් ගහපු, රිය අනතුරු කරලා පලාගිය සකල වද අපරාධ කරුවන් පරාජය කරලා අපි හැමෝම මේ පාරත් මාලිමාටම දෙමු රටට වැඩක් කරන එකම පක්ෂය...
කොරා කොරා අර දුම් පරීක්ෂණ මගුලක් ගෙනාවේ පුද්ගලික ආයතන දෙකක් පොහොසත් කරන්න. මොකද ගානට පංගුවක් එන්න නේ. නොරොච්චෝලේ ගල් අඟුරු කතා කළා නම් කියයි මේ උන්දෑගේ වතගොත...
අපි ඔබට ඡන්දය දෙන්නේ නැහැ චම්පික...!
නියම අනාථයෙක්. ඇප නැතුව පරදින්නේ. කිසිම වැඩකට අැති දෙයක් කරපු නැති නිකමෙක්. කටින් වැඩ පෙන්වන නජුංසකයෙක්. කුනු කුඩයට දමමු