
(සුජිත් හේවාජුලිගේ)
තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ටද රාජ්‍ය සේවකයන්ට දෙන වාහන බලපත්‍රයට සමාන බලපත්‍රයක් දී රටට වාහන ගෙන්වීමට අවසර ලැබෙන අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය නිකුත් කරන ලෙසටද වශයෙන් එම අලුත් යෝජනාව ඉදිරිපත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාවද ජනාධිපතිවරයාට යොමු කරන බව කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් මුලින් යෝජනා කර තිබුණේ ඔවුනට කලකට පෙර ලැබුණු කෝටි දෙකකට වැඩි වටිනා වාහන බලපත්‍රයයි.
රාජ්‍ය සේවකයන් දෙදහසකට තීරු බදු රහිත වාහන බලපත්‍ර දැනට නිකුත් කර ඇති අතර වාහන ආනයනය කිරීමේ තහනම හේතුවෙන් එම බලපත්‍ර වෙනුවෙන් වාහන ලබා ගැනීම මෙතෙක් නොහැකිවී ඇතැයි පැවසේ.
තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොපමාව ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් අත්සන් කළ ලියවිල්ලක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා බාර දුන්හ.
අනතුරුව එම ලියවිල්ල කතනායකවරයා විසින් ජනාධිපතිවරයාට බාරදෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහකාරක සභාවෙන් යෝජනාවක් එවන ලෙසට ජනාධිපති කාර්යාලය ඉන් අනතුරුව දැනුම් දී තිබිණැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන්ගේ අලුත් යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර රජයේ සේවකයන්ට ලබා දී ඇති වාහන බලපත්‍රයට වාහන මිලදී ගැනීම සඳහා නුදුරේදීම අවස්ථාව සලසා දීමට රජයේ අවධානය යොමු වී ඇත.
වාහන බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද කඹ ඇදීම් හටගෙන ඇතැයි වාර්තාවේ.
ඊට හේතු වී ඇත්තේ ඡන්දයක් ලඟ ළඟ එන අවස්ථාවක වාහන බලපත්‍ර ලබා ගැනීමෙන් ඡන්ද පදනමට බලපෑම් ඇතිවේ යයි සමහර මන්ත්‍රීවරුන් මත පල කිරීම නිසා යැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන්ට මීට පෙර ලබා දුන් වාහන බලපත්‍රය වෙනුවට රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රය ඉල්ලා සිටීමද එහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ.
COMMENTS
මන්ත්‍රීවරු වේවා රජයේ නිලධාරින් වේවා , වාහන ගෙන්වා ගැනීමේ බල පත්‍රයක් නිකුත් කිරීමම අකටයුත්තකි. ඒ මන්ද යත් ඔවුන්ගෙන් බොහොමයක් බලපත්‍රය විකුණා මුදල් කිරීමයි. බල පත්‍රයක් විකිණීම කොතරම් වැරැද්දක්ද යි කියා හර්ද සාක්ෂියෙන් අහන්න. අවසානයේ දී මුදලාලිලා ගණනක් හම්බ කර ගන්නවා. මුදල් ඇති අය ගෙන්වා පසුව වාහනයම ඉතා වැඩි මුදලකට විකුනනවා. අන්තිමේදී විශාල අකටයුත්තක් වෙනවා . එබැවින්, කෙනෙකුට වාහනයක් පාවිච්චිය සඳහා යම් සහනයක් අවශ්‍යයයි තීරණය කරන්නේ නම් ඔහුට සාමාන්‍ය වාහනයකට ගෙවිය යුතු බදු මුදලින් යම් කොටසක් කෙලින්ම රජයෙන් ගෙවීමට වඩා කිසිත් කලයුතු නැහැ. සුඛෝපභෝගී වාහන වලට කාටවත් අවසර දිය යුතු නැහැ. ඔක්කොම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන එකයි තියෙන්නේ.
මම ඉන්න රට මුදල් වලින් ඉතා පොහොසත් දියුණු වූ රටක්. නමුත් මෙම රටේ දේශපාලකයන් මහජන මුදල් තමාට බලපාන දෙයකට භාවිතා කරද්දි පුලුවන් තරම් අඩුවට කරන්න බලන්නේ. මොකද පොඩ්ඩක් වැරදුනොත් හිරේ ලඟින්න වෙන්නෙ. අනික ඔවුන් ලොකු කම බලෙන් පාවිච්චි කරන්නෙ නෑ. ලොකුම වාහනය, ලොකුම කාමරය, ලොකුම පුටුව මඟින් තමා ලොක්කා යන්න ප්‍රදර්ශණය කිරීමක් මේ රටේ නෑ. එනමුත් ඔවුන්ගේ ලොකු කම රැස්වීමකට වාඩි වූ වහාම ප්‍රදර්ශණය වෙනවා. ඒ අදාල ප්‍රශ්ණ ඇසීම, තමාගේ විෂය පිලිබඳව අවබෝධය සහ ඉහල පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතා වැනි දේවල් මඟින්. පසුගිය අවුරැදු වල මට හොඳින් තේරැම් ගිය දේ තමා අපේ රටේ වෘත්තිකයන්ගේ, දේශපාලකයන්ගේ සහ සල්ලි ඇති අයගේ වැඩ වලට වඩා ෂෝ එක ගොඩාක් වැඩි බව. දොස්තරලා නලාව බෙල්ලෙ ඔතන් ඇවිදීම, ටියුෂන් ගුරාලා බෙන්ස් වල බොනට් උඩ නැගගත් කටවුට් සවි කිරීම, දේශපාලකයො වැදගත් රැස්වීම් වල සැර කිරීම වැනි බාල ගනයේ වැඩ. මේවා කිව්වම තරහ යනවා හරියට. අපි රටක් වශයෙන් පහල තැනක තියෙන්නෙ.
ඉදිරියට එන මැතිවරණයේදී මන්ත්‍රීලට ඇමතිලට දෙන වරප්‍රසාද කප්පාදුව පොරොන්දුව දෙන අයට ඡන්දය දීමට අවශ්‍යයි. මන්ත්‍රී විශ්‍රාම වැටුප තීරුබදු රහිත වාහන බලපත්‍ර වෙනත් විශේෂ දීමනා බාර් ලයිසන් සියල්ල අහෝසිකරන්න ලිඛිත පොරොන්දුව දෙන පක්‍ෂයට අපේ ඡන්දය.....
යන යකා කොරහත් බිඳ ගෙන යන්න යන්නේ ,මුන් වගේ කාලකන්නියෝ ටිකක් ලක් මාතාව ජාතක කළා නේ
උන්ගෙන් රටට කිසිම වැඩක් වෙන්නේ නැති නිසාත් රට අගාදෙට යන්න හේතුව උන්සේ සැප සුබ සිද්ධිය තකා පමණක් වැඩ කල නිසාත් රට ගැන කිසිම කැක්කුමක් ඇති එකෙක්වත් පාර්ලිමේන්තුවේ නැති නිසාත් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට කිසිම සුදුසුකමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති කිසිම කෙනෙකුට නැතිනිසා වාහන පර්මිට් මෙන්ම අනිත් පහසුකම්ද නැවැත්වීමට කටයුතු කල යුතුය.
දෙන දෙයක් ගනිල්ලා ඊළඟ චන්දෙන් උඹලා ඔක්කොම ගෙදර යනවා