
(සුජිත් හේවාජුලිගේ)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබූ වාරි ව්‍යාපෘති නවයක් නතරවීමෙන් කෝටි 19කට ආසන්න මුදලක්ද වඩමාරච්චි කලපුවේ යාපනයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 200ක ඇස්තමේන්තුවක් යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක්ද දලුල්ගල්ල වැව ඉදිකිරීමට අදාළ මූලික කටයුතු අතරමග නතර කිරීමෙන් ලක්ෂ තිස් එකකට වැඩි මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය සහ වාහල්කඩ ගොවි ව්‍යාපාරවල ඇළ පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද මෙසේ නාස්ති වී ගොස් තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර වගාබීන් සඳහා ජල සැපයුම් ඉදිකිරීමට හියුම් පයිප්ප 1245ක් ගොවිසංවිධාන වෙත නිකුත් කර තිබුණද එමගින් අපේක්ෂිත ජල සැපයුම් ඉදිකර නොතිබූ බව ජාතික විගණන කාර්යාල පවසයි.
එම පයිප්පවලින් හියුම් පයිප්ප 1166ක් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිකරුණේ දමා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි
පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකිරීම මහයාව පිටවාන වැඩිදියුණු කිරීම, මල් අතු ඔය පිටවාන ඉදිකිරීම පාන් කුලම ජලාශයේ පිට වාන ඉදිකිරීම ඇල්ල වැව පිටවාන ඉදිකිරීම, කුඩා විලච්චිය පිටවාන ඉදිකිරීම ඇතුළු වාරි ව්‍යාපෘති 13 ක ඉදිකිරීම් පසුගිය වසරේ මැයි මස 31 ආරම්භ කර නොතිබුණු බව පවසන විගණන වාර්තාව එම ව්‍යාපෘති වෙනුවෙන් දරනු ලැබූ වියදම පිළිබඳව ලිපිගොනු පවත්වාගෙන ගොස් නොතිබුණු බව වාර්තාව සඳහන් කළේය.
යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ව්‍යාපෘතිය අතරමග නතර වී තිබුණේ 2021 වසරේදීය.
මේ තොරතුරු සඳහන් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය
2025 නොවැම්බර් මස 21
12
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වාරි ව්‍යාපෘති 24 ක් කොටඋඩ: කෝටි 30 ක පාඩුවක්
pj Saturday, 25 January 2025 07:25 AM
ජාතික විගණන කාර්යාලයට තවමත් කෝවිඩ් සුවවී නැති හැඩයි.