(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසරේ කළ වැටලීම්වලට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩුවලින් රුපියල් මිලියන 207ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික දඩ මුදල් රජයට ලැබී ඇතැයි එම අධිකාරිය පැවසීය.
එම අධිකාරිය පසුගිය වසරේ (2024) වැටලීම් 24,761 ක් කර එහිදී නඩු පැවරීම් 23,953ක් කර ඇති බවත් දැනට නඩු පැවරීම් කර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් පාරිභෝගික අධිකාරිය කීය.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් නොදීම, තොග සගවා තබාගැනීම, විධිමත් බිල්පතක් නොදීම, තරග විරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙදාම් කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අළෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් කළ වරදවල් හේතුවෙන් මෙම දඩපනවා ඇති බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෙළෙඳ වැටලීම්වලින් පසුගිය වසරේ කෝටි 20 ක්