IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව ධීවරයින් සමඟ අතුරුදන්

(හිරාන්  ප්‍රියංකර ජයසිංහ)

බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ගමන් ගත් ඩබ්ලියු.නෙවිල් ඇන්ටනි,සුදේෂ් සුසන්ත,ප්‍රසාද් නිරන්ජන් යන  කන්දකුලිය පදිංචි ධීවරයින් තිදෙනාය.

මෙම ධීවරයින් තිදෙනා 6 දින දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා විහාරා දුව ,හංසිළු පුතා නැමති ධීවර යාත්‍රාවෙන් ගමන් කර ඇති බව කියයි.

මෙම යාත්‍රාවේ හිමිකරු විසින් දිපාල් නිලන්ත මහතා තම යාත්‍රාව හා ධීවරයින් අතුරුදන් ව ඇති බව කල්පිටිය පොලිසියට පැමිනිලි කර තිබේ.

යාත්‍රා හිමිකරු දිපාල නිලන්ත මහතා පවසා සිටියෙ හය වෙනි දින බිලි කොකු උපයෝගි කර ගනිමින් මසුන් මැරීම සදහා ගිය බවත් හය වන දින රාත්‍රි වන විට පැමිනිමට නියමිතව තිබුණද එසේ නොපැමිනි බවත් 7 දිනද ඒ පිළිබදව සොයා බැලුවද නොපැමිනි නිසා කන්දකුලියෙ සිට ධීවර යාත්‍රා කිපයක් මහ මුහුදට මෙම යාත්‍රාව සෙවිම සදහා පිටත් කර යැවු බවයි.

 

 



අදහස් (0)

‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව ධීවරයින් සමඟ අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site